ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා පත් කිරීම තවදුරටත් කල් දමා තිබේ.
මෙම සතියේ ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටි එම අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කිරීම ලබන සතිය දක්වා කල්දැමීමටද ඒ අනුව කටයුතු කර ඇත.
මීට හේතුව බව පැවසෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බරපතල බෙදීමයි.
මේ වන විට පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් සියයට අනූවක් පමණ ජනාධිපතිවරයා සමග එක්ව තිබේ.
එමෙන්ම සිටින පලාත් සභා හිටපු මන්ත‍්‍රීවරුන්ද, ප්‍රාදේශීය සබා හිටපු මන්ත‍්‍රීන්ද විශාල වශයෙන් පොහොට්ටුව අතහර ජනාධිපතිවරයා සමග එක්වෙමින් සිටිති.
මෙම හේතූන් මත පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලා සිටි සිටි ප්‍රබල පුද්ගලයන් දෙගිඩියාවකට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණට ජනතා සහයෝගය මෙන්ම සංවිධාන ශක්තියද බරපතල බිඳවැටීමකට ලක්වී තිබීම හේතුවෙනි.
සියලු තත්වයන් මත පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් කල් යමින් තිබේ.