සෞඛ්‍ය ක්ෂේත්රයට වඩාත් විවෘත හා සාධාරණ
වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා ජාතික ඖෂධ
නියාමන අධිකාරී පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා
පනත් සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඒ අනුව විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම
විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තිය විවෘත
කිරීමට තමා අදහස් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා
සඳහන් කළේ.
එසේම ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂණ සඳහා නවීන
රසායනාගාරයක් ඉදි කිරීම සඳහා ලෝක සෞඛ්‍ය
සංවිධානයෙන් ආධාර බලාපොරොත්තු වන බවත්
එය Benchmark 4 ලෙස ඉහළම පිළිගැනීමක්
ඇති රනායනාගාරයක් ලෙස සකස් කිරීමට තමා
බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා
වැඩිදුරටත් සඳහන් කළේ.