ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.
සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
ඔහුට හිමි වන පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි.
ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතයි.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කිරීම ආරම්භ කළ බව සඳහන්.
එමෙන් ම නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ද සනත් ජයසූරිය උපදේශකයකු ලෙස එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ කාලීන පුහුණුකරුවකු සොයමින් සිටින බවයි, එම ආයතනය සඳහන් කළේ.
සිල්වර්වුඩ් සිය පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස් වූයේ, එම කාලය එංගලන්ත සංචාරය දක්වා දීර්ඝ කර තිබූ පසුබිමකයි.