අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ජූලි 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ජූනි 28 නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කළේ ය.
මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව ය.