ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් රත්තොට ආසන බලමණ්ඩලයේ රැස්වීමක් පසුගියදා පැවති අතර රැස්වීමට අපේක්ෂා කල මට්ටමේ ජනකායක් රැස්ව නොසිටීම නිසා එය අති අසාර්ථකව අවසන් වූ බවට වාර්තා පලවෙනවා.
වාර්තා වන අන්දමට අදාළ රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළුව විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබී ඇති අතර රෝහණ දිසානායක අමාත්‍යවරයා මෙම රැස්වීම සංවිධානය කොට තිබෙනවා.
කෙසේ වෙතත් රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහින්ද රජපක්ෂ මැතිතුමා සහභාගී වීමට සියල්ල සුදානම්ව තිබු නමුත් අවසන් මොහොතේ එතුමා රැස්වීමට සහභාගී නොවී නාමල් රාජපක්ෂ මැතිතුමා පමණක් රැස්වීමට ගොස් ඇත්තේ අදාළ රැස්වීමට අපේක්ෂා කල මට්ටමේ ජනකායක් රැස්ව නොසිටීම නිසාය. මාතලේ හිටපු අමාත්‍යවරයෙක්ට අයත් හෝටලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතී සිට ඇති අතර රැස්වීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතාද රැස්වීමේ සංවිධායකයා වූ රෝහණ දිසානායක මහතාගෙන් කරුණු විමසා ඇත්තේ රැස්වීම අසාර්ථක වීමට හේතුව කුමක්ද කියාය.
පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන අන්දමට පොදුජන පෙරමුණේ වර්තමාන අනුවන ක්‍රියා හේතුවෙන් රැස්වීම අසාර්ථක වූ බවයි කියවෙන්නේ.
දිනුශා සෙනවිරත්න