ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවියට අවසර ලැබූ විදේශ සමාගම් තුනෙන් එකක් වන ‘සිනොපෙක්’ සමාගම එහි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
‘සිනොපෙක්’ සමාගම ආනයනය කරන දෙවැනි ඉන්ධන තොගය හෙට (2) මෙරටට ළඟා වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.
ඉන්ධන පිරවුම්හල් හිමින් සමඟ ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු ‘සිනොපෙක්’ ඉන්ධන පිරවුම්හල් 150 ක් සමඟ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව ද අමාත්‍යවරයාවරයා සඳහන් කළේය.