Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

69 ලක්ෂයට බලාපොරොත්තුවක් එක් කල අලුත්ම සන්ධානය!

CMBNEWS by CMBNEWS
May 27, 2024
in පුවත්
0
0
SHARES
486
VIEWS
Share on FacebookShare on Twitter

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.

ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණි.

අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.

අදාල ගිවිසුම පහතින්….

එක්ව නං​වන රටක් – සතුට පිරුණු දැයක්

සර්වජන අදිටන් සම්මුති​ය

අපගේ සදාදරණීය මාතෘ භූමියත් එහි වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් යනාදි සකල විධ ජනතාවත් මුහුණ දී සිටින්නේ නිදහසින් පසු යුගයේ දැවැන්තම ආර්ථික, සමාජීය දේශපාලනික, පාරිසරි​ක සහ සංස්​කෘතික පරිහානියටයි.  අප මේ අර්බූදයන්ට මුහුණ දෙන මොහොතේ ගෝලීය සන්දර්භය එකී අර්බූදයන් තීව්‍ර කරන්නට දායක වෙමින් පවතියි.

“මිහිතල​ය අයිති මිනිසාට පමණකි” යන සංකල්පයේ පිහිටා කාර්මික විප්ලවයෙන් ද හරිත විප්ලවයෙන් ද සිදු කළ දැවැන්ත පාරිසරික විනාශය හමුවේ මිනිසුන් පමණක් නොව සමස්ත මිහිත​ලයම අ​ද පැවැත්මේ තර්ජනයකට මුහුණ දී සිටියි.  වරක් සුළි කුණාටු ලෙසින් ද තව වරක් මහ වැසි ලෙසින් ද තවත් වරක් නිය​ඟ ලෙසින් ද අපට දැනෙන්නේ පාරිසරික විනාශය හමුවේ සොබා දහමේ කුපිත වීමයි.

සොබා දහම මිනිස් සංහිතියේ පැවැත්මට තර්ජන එල්ල කරන මොහොතේ සාමුහිකව ඊට මුහුණ දෙනු වෙනුවට රාජ්‍යයන් ලෙස වෙන් වී මිනිස් ගුණ වලලමින් කලාපීය යුද ගැටුම් ලෝකය පුරා මතු වී ඇත.  යුද ගැටුම් ලෙස ප්‍රකාශ වන්නේ සමස්ත ලෝකයම වෙලී ඇති ආර්ථික සහ සංස්කෘතික පරිහානියයි.

ලොව මුහුණ පා ඇති ආර්ථික පාරිසරික සහ සමාජීය අර්බූදයන්ට විසඳුම් ප්‍රගතිශීලිත්වය, පරිසර හිතකාමිත්ව​ය, අල්පේච්ඡත්වය, සාමුහිකත්වය සහ සමානාත්මතාවය මත පදනම් වුණු අපගේ සභ්‍යත්ව රාජ්‍යය තුල ගැබ් වී ඇති බැව් අපි විශ්වාස කරමු.  ජාති ආගම් භේදයකින් තොරව මේ උතුම් රට මව්බිම කරගත් සකල විධ ජනතාවගේ උරුමය වුණු අපේ සභ්‍යත්වය දැවෙන ලොව සැනසීමට සමස්ත මානව වර්ගයා වෙත දායාද කළ හැකි බව ප්‍රකාශ කරන්නේ මහත් වූ අභිමානයෙනි.

අවාසනාවට එකී උරුමයන් පසෙක දමා ජාති​ක ආර්ථිකය බිඳ දමමින් ආනයන මත රැඳෙන ආනයන මූල්‍යනයට වාණිජ ණය ලබා ගන්නා නව ලිබරල්වාදී ​ආර්ථික දැක්ම 1977න් පසු බිහි වුණු සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය විය.  එකී නව ලිබරල්වාදි ආර්ථික උගුලේ දිගු කාලයක් පැටලී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස අප අද ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් බංකොලොත් වුණු සිඟමන් යදින පරාධීන ජාතියක් බවට පත් වී ඇත.  ණය ගැති බවේ අසරණකම අයුතු ලෙස භාවිතා කරමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද බලවත් රටවල් ද ශ්‍රී ලංකාව මත සිය ග්‍රහණය තර කරමින් සිටියි.  එබැවින් වසර දහස් ගණනක් අපේ මුතුන් මිත්තන් දිවි පුදා සුරැකි ස්වාධීනත්වය අපට අහිමි වීමේ අවදානමක් ඉතිහාසයේ නොවූ විරූ ලෙසින් මතු වී ඇත.

ආනයන මත රැඳීමෙන් බිහි වුණු ගෙවුම් ශේෂ අර්බූදය හෙවත් විදේශ විනිම​ය අර්බූදයට අමතරව ගජ මිතුරන්ට බදු සහන ලබා දීමෙන් ද දූෂිත පාලකයින් සහ නිලධාරින් විසින් බදු ​පැහැර හරින්නන් රකිමින් ද දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අවම රටවල් අතරට අප මව්බිම ද තල්ලු කර ඇති අතර අතාර්කික නාස්තිකාර වියදම් හමුවේ එය රාජ්‍ය මූල්‍ය අර්බූදයක් හෙවත් අයවැය අර්බූදයක් බවට පත් කර ඇත.

ගෙවුම් ශේෂ අර්බූදයටත් රාජ්‍ය මූල්‍ය අර්බූදයටත් විසඳුම් ලෙස ඉහල පොලී මත කෙටිකාලීන වාණිජ ණය ලබා ගැනීමෙන් ද ණය ගෙවීමට දිගුකාලීන වැඩපිලිවෙලක් නොතිබීම හේතුවෙන් ණය ගෙවීම සඳහා ද ණය ලබා ගැනීමෙන් ද ණය කලමනාකරණය අභියෝගයක් බවට පෙරලමින් ණය අර්බූදයක් ද බිහි වී ඇත. 

අපගේ හර පද්ධතිය විනාශ කර එහි අළු මත ඉදි කළ වත්මන් සමාජය විසින් මිනිස් ජීවිත වලට හුදු රුපියලින් අගය නියම වුණු ප්‍රචණ්ඩ සංස්කෘතියක් ද අවම අවශ්‍යතා ඉටු නොවීමෙන් අපේක්ෂා භංගත්වයට පත් තරුණ පරපුර මත්ද්‍රව්‍ය තුලින් ද හුදකලා වීමෙන් ද ව්‍යාජ ආශ්වාදයක් සොයන තත්ව​යට පත්ව සිටියි.

නිදහසින් පසු අපගේ සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නැගීමට අප අසමත් වීමෙන් ජන කණ්ඩායම් අතර පවතින අසහනය සහ අවිශ්වාසය මතු වන්නේ වාර්ගික ගැටුම් සහ ත්‍රස්තවාදි ක්‍රියා ලෙසිනි.  එකී අසහනයන් රාජ්‍ය​ය අස්ථාවර කිරීමේ ද රාජ්‍යය වක්‍රව පාලනය කිරීමේ ද මෙවලම් ලෙසින් භාවිතා කිරීමට ලෝක බලවත්තු පෙළෙඹී සිටිති.

යටත්විජිත අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් මිදීමට නොහැකි වීමේ ශාපයෙන් ජාතියේ අභිමානවත් උරුමයක් වුණු ව්‍යවසායක මන​ස අපට අහිමි වී නිර්මාණශීලිත්වය, සම්පත් කාර්යක්ෂම කලමනාකරණය ස​හ අවදානම් දැරීමේ හැකියා​ව අපෙන් තුරන් වී ඇත.  ඒ නිසාම විජාතික සංකල්ප තුලින් අපේ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරන දීන ජාතියක් බවට අප පත් වී ඇත.  

අපේ ආදරණීය මව්බිම මුහුණ දී ඇති මෙකී අභියෝගයන් පිළිබඳ කම්පනයට පත් වී ඇති මතු අත්සන් තබන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපි විවේචනය වෙනුවට විසඳුම් පිළිබඳ ද පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැ​ඩපිලිවෙලක් පිළිබඳ ද විශ්වාසය තබමින් අපේ උරුමය මත දෙපා තබා ලොව සාධනීය නැවුම් ප්‍රවණතා උකහා ගනිමින් නැගී සිටින අදීන නවීන සුහුරු ජාතියක් බිහි කරනු වස් මතු දැක්වෙන මූලික ප්‍රතිපත්ති මේ ම​හ පොලවේ රෝපණ​ය කිරීමට සාමුහිකව ප්‍රයත්න දැරීමේ අදිටනින් සම්මුතියට එළැඹුණු බවත් මෙකී ප්‍රතිපත්ති මත පිහිටා සැකසෙන උපායමාර්ගික වැඩසටහනක් නුදුරු දිනක ජාතියට තිලිණ කරන බවත්  සමස්ත ජාතියට මෙයින් ප්‍රකාශ කර සිටිමු.

එකී අරමුණ ඉටු කර ගනු වස්

  1. ආත්ම විශ්වාසය බිඳ වැටුණු සර්ව අශුභවාදි මානසිකත්ව​ය වෙනුවට අභිමානය සහ ආත්ම විශ්වාසය පිරුණු ව්‍යවසායක මනසකින් යුත් අභිපේරිත ජාතියක් ගොඩ නැගීමට පදනම දැමීමට ​ද  
  2. දැනුමින් පිරුපුන් නිරෝගි ජාතියක් බිහි කරන නිදහස් අධ්‍යාපනය ස​හ සෞඛ්‍ය සේවාව යාවත්කාලීන කරමින් තහවුරු කිරීමට ද විශේෂ හේතු මත  රැකවරණය ලැබිය යුතු ඉලක්ක ගත සියළු කණ්ඩායම් වෙත රාජ්‍ය ශුභසාධනය සැපයීම​ට ද 
  3. දේශීය සම්පත්, දැනුම සහ මානව ප්‍රාග්ධන​ය මත පදනම් වී රටටත් ලොවටත් අනගි දේ නිපදවන ජාති​ක ආර්ථිකයක් බිහි කිරීමට ​ද
  4. ව්‍යවසායකත්​ව මනසින් කළමනාකරණය දෙස බලන සවිමත් රාජ්‍ය, පෞද්ගලික සහ සමූපකාර අංශ ගොඩ නැගීමට ​ද
  5. අපනයන වෙළඳපොල සහ භාණ්ඩ හා සේවා විවිධාංගිකරණයෙන් ද එකතු කළ අගයන් ඉහළ නැංවීමෙන් ද අපනයන ආදායම ඉහළ නැංවීමට ​ද එකී ආදායම මව්බි​මට ගෙන එන බව තහවුරු කිරීම​ට ද 
  6. පසුගිය සමයේ සිදුවුණු මහ පරිමාණ දූෂණ විමර්ශනය කර සොරා ගත් ධනය ජනසතු කර වැරදිකරුවන්ට දඬුවම් කිරීමට සහ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය කේත අංකයක් ලබා දීමෙන් ද සියළුම ගෙවීම් පරිගණකගත කිරීමෙන් ද බදු පැහැර හැරීම ඇතුළු සමස්​ත දූෂණය තුරන් කර​න සුහුරු ආර්ථික පද්ධතියක් බිහි කිරීමට ​ද
  7. තිරසර සංවර්ධන උපායමාර්ග කෘෂිකර්මය, බලශක්ති, කර්මාන්ත, ඉදිකිරීම් ආදි ක්ෂේත්‍රයන්ට හඳුන්වා දී මිනිසා​ගේ පමණක් නොව සමස්​ත ජීවින්ගේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමට ​ද
  8. බහුධ්‍රැව ලෝකය අවබෝධ කර ගනිමින් ජාතික ප්‍රමුඛත්වය මත පදනම් වූ උපායමාර්ගිකව ලොව ඕනෑම රටක් හෝ රටවල් සාමුහිකයක් සමග සමතලයක සිට ගනුදෙනු කිරීමට ද
  9. සභ්‍යත්ව රාජ්‍යයේ උරුමය මත පදනම්ව ජාති ආගම් කුල භේදයකින් තොර අභිමානවත් නවීන ජාතියක් ගොඩ නැගීමට ​ද
  10. සතුට සැබෑ ධනය ලෙස දකිමින් භෞතික, මානසි​ක සහ අධ්‍යාත්මික සංවර්ධන​ය තුලනාත්මක කරමින් සතුටු දැයක් නිර්මාණය කිරීමට ද

මෙයින් ශපථ කර සිටිමු.

Previous Post

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි!

Next Post

පාපන්දු ලීග් තරගාවලියක් පලමුවරට ලංකාවේ!

CMBNEWS

CMBNEWS

Next Post
පාපන්දු ලීග් තරගාවලියක් පලමුවරට ලංකාවේ!

පාපන්දු ලීග් තරගාවලියක් පලමුවරට ලංකාවේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.