ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා.
එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කර සිටිනවා.
විශේෂයෙන් කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම නිවේදනය අද (11) රාත්‍රී 11.30 වෙනතුරු වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.