Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

පොලීසියට ගංජා විකිණූ සුරාබදු ටීම් එක!

CMBNEWS by CMBNEWS
April 8, 2024
in පුවත්
0
පොලීසියට ගංජා විකිණූ සුරාබදු ටීම් එක!
0
SHARES
293
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට බදු ක්‍රමයේ සුරාබදු අත්‍යවශ්‍ය එකකි. එමගින් රජයට ආදායම් උත්පාදනය කිරීම ප්‍රබලව සිදු කෙරේ. මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන මත මෙකී මුදල් එක්රුස් කරයි. එම නිෂ්පාදනවලට අදාළ නීති රෙගුලාසි බලාත්මක කිරීම ආරක්ෂිතව හා පාලනයකින් යුත් නිපැයුම් අලෙවි කිරීම සහතික කිරීමද සුරාබදු දෙපාර්තමේන්තුවේ වගකීමකි. ඒ සඳහා වන උපරිම බලතල ආයතනයට හිමිය. ඒ අනුව නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුව සතුය. මෙකී බලතල වගකීම් සියල්ල හිමි නිලධාරීන්ගෙන් කිහිප දෙනකු සිදු කළ අකටයුත්ත හරියට “වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව” වැනි කතාවකි.

මේ ආකාරයටම නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කරමින් එම ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම හරහා මතින් තොර රටක් නිර්මාණය කරන්නට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැඩි වෙහෙසක් දරමින් මහඟු මෙහෙවරක් ඉටු කරයි. මේ ආකාරයට එකී උතුම් නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය උකසට තබා නීති විරෝධී ගංජා ජාවාරමක් සිදුකර තිබුණේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කූඨ නිලධාරීන් කිහිප දෙනෙකි.

ටික කාලයක සිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුම් ගණනාවකි. ඇතැම් ඒවා නිර්නාමිකය. නමුත් පවසා ඇති විස්තරය එක හා සමානය. “නාකොටික් එකේ නිලධාරීන් නීති විරෝධී වැඩ කරනවා. එකක් දෙකක් නෙවේ. තැන් තැන්වල ගංජා අල්ලනවා. අල්ලපුවාගෙන් ටිකක් උසාවි දානවා. ඉතිරිවා ජාවාරම්කාරයන්ට විකුණනවා. සමහර ජාවාරම්කාරයන්ගෙන් සල්ලිත් ගන්නවා. දෙතුන් දෙනෙක් එකතු වෙලා මේක කරන්නේ.”

මෙවැනි තොරතුරු වරින් වරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බැවින් එහි නිලධාරීහු ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවූහ. එහිදී හෙළිවී ඇත්තේ තොරතුරේ අයුරින්ම යම් සිදුවීම් කිහිපයක් සිදුව තිබෙන බවකි. එම සිද්ධියට සම්බන්ධ වූවන් පිරිස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිට තිබෙන බවද තහවුරු කරගෙන ඇත. සැබැවින්ම සිද්ධියට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සම්බන්ධයක් නොමැති නිසා කුතුහලයෙන් යුතුව විමර්ශන කඩිනම් කෙරිණි. මේ අතර වැදගත් කියන ඔත්තුවක් නිලධාරීන් වෙත ලැබී තිබුණේ ඉකුත් සතියේ දිනකය. ඒ අනුව දැනගැනීමට හැකිව ඇත්තේ පිරිසක් විසින් ගංජා තොගයක් විකිණීමට සූදානම් වන බවත් ඊට සුදුසු ගැනුම්කරුවකු සොයන බවත්ය. වහා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීහු සැලසුමක් සකස් කළහ. ඒ අනුව ඔවුහු එම පිරිස සමඟ දුරකථන ඔස්සේ සබඳතාවක් ගොඩනගා ගත්හ. එහිදී ගංජා තොගය මිලට ගන්නා බව දැනුම් දී තිබිණි. පසුව වෙස් වලාගත් නිලධාරීන් පිරිසක් වැටලීම සඳහා පිටත් වූහ.

ගංජා තොගය රුගත් පිරිස හලාවත ප්‍රදේශයේ රැී සිටින බව කියා ඇත. ඒ අනුව සබඳතාව පවත්වාගත් නිලධාරීන් හලාවත බංගදෙණිය හා මදුරන්කුලිය ස්ථාන කිහිපයකට ගොස් තිබිණ. එහි තැනකදී අදාළ පිරිස හමුවී ඇති අතර වෑන් රථයක ඔවුන් පැමිණ තිබුණි. ඔවුන් සතුව විකිණීමට ගෙනා ගංජා කිලෝ 45ක් පමණ විය. ඒවා පාර්සල 10ක අසුරා තිබිණ. ඒ සම්බන්ධයෙන් විමසන අතරතුර වෙස්වලාගෙන සිටි නිලධාරීහු ක්ෂණිකව සැකකරුවන් ග්‍රහණයට ගනිමින් පරීක්ෂාවට ලක් කළහ. එවිට හඳුනාගෙන තිබුණේ ගංජා තොගය විකිණීමට පැමිණ ඇත්තේ සුරාබදු නිලධාරීන් පිරිසක් බවය. ඔවුන් ගැන විමසීමේදී පිරිස කොළඹ පිහිටි සුරාබදු මූලස්ථානයේ සේවයේ නිරත පිරිසක් බව තහවුරු කර ගැනිණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් බල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුරාබදු පරීක්ෂක ප්‍රමෝද ගමගේ (33), පදවිය පරාක්‍රමපුර පදිංචිකරුවකු වන සුරාබදු නියාමක එල්.එස්. රාජපක්ෂ (32), ඌරගස්මංහන්දිය යටගල පදිංචිකරුවකු වන සුරාබදු සැරයන් එම්.එස්. සිරිතුංග (47), මාතර දියගහ පදිංචිකරුවකු වන සුරාබදු රියැදුරු සී.පී. දසනායක (45) යන සුරාබදු නිලධාරීන් පිරිසකි.

මේ අතර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන් සතුව තිබූ ගංජා තොගයෙන් කිලෝ 12ක් කොළඹ සිට හලාවතට එන අතරමග මීගමුව ප්‍රදේශයේදී තවත් ජාවාරම්කරුවන් හතර දෙනකුට අලෙවි කොට ඇති බවය. සැකකරුවන්ගේ තොරතුරු මත එම සිව්දෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් මීගමුව පිටිපන දූවේ පදිංචිකරුවන් වන ඩබ්ලිව්.ඩබ්ලිව්. සේපාල (41), එම්.එස්.ටී. නදීෂාන් (30), ඒ. ප්‍රනාන්දු (64), එම්.ජේ. කැනිස්ටර් (55) යන අය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් ලෙස හඳුනාගත් අය අතර සුරාබදු නියාමකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියදුරකු ඇතුළු පිරිසක් වෙති. මේ අය දින 07ක රුඳවුම් නියෝග මත රඳවා තබාගෙන විමර්ශන පවත්වන අතර ඔවුන් සම්බන්ධයෙන් වත්කම් විමර්ශනක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කොට ඇති බවකි. ඒ අනූව සැකකාර සුරාබදු නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇති බව පැවසේ. එසේම සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය අංශයේ සියලුම නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බවද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර / www.deshaya.lk

Previous Post

සමගි අසමගි වෙයි : සදා පරාජිත තිස්සත් අවුලක!

Next Post

ජනතාවගේ ආයු කාලය වැඩි කරනවා

CMBNEWS

CMBNEWS

Next Post
ජනතාවගේ ආයු කාලය වැඩි කරනවා

ජනතාවගේ ආයු කාලය වැඩි කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.