අද වන විට රට තුළ ඉන්ධන අලවිය සියට පනහකින් අඩු වී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්ධනල් හිමියන්ට ලබාදෙන සියයට තුනක කොමිස් මුදලට සියයට දහ අටක් වැට් බද්ද අය කරන බවත් සංගමයේ සභාපතිත් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටී.
එය අනුව එම අසාධාරණ බද්ධ නතර කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ සඳහා එකඟතාවයක් පල නොකලොත් ඉන්ධනහල් හිමියන් අඟහරුවා දින සිට තීරණයක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.