ආර්ථිකය ජයගන්නා ආකාරය පිළිබඳ සමගි ජන බලවේගය හා ජාති ජන බලවේගය අතර පවත්වන විවාදයට ජාතික ජන බලවේගය විසින් මෙතෙක් දිනය හෝ ස්ථානයක් තහවුරු කර නැති බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ මෙම විවාදය රූපවාහිනි නාළිකාවක පැවැත්වීම මගින් ජනතාවට පහසුවෙන් එය නැරඹිය හැකි බවයි.
ඒ අනුව නාලිකාව හා වේලාව ඉක්මනින් දැනුම් දන ලෙස ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
සමගි ජනබලවේග ආර්ථික කමිටුව සමඟ විවාද කිරීමට ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට ආරාධනා කල නමුත් ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද පැවසූ ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට අනුර දිසානායක මහතා අභියෝග කල නිසා ඔහු ඊට සූදානම් බවද සඳහන් කළේය.
නමුත් මේ වනතෙක් ජාතික ජන බලවේගය පාර්ශවයෙන් ඔවුන්ගේ වේලාව සහ නාලිකාව නිශ්චිත ලෙස සඳහන් කර නැති බවද හෙතෙම කියා සිටියේය.
එනිසා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව හෝ පක්ෂ නායකයා විවාදයට එවන්නැයි අභියෝග කර සිටින බවද හෙතෙම තව දුරටත් පැවසීය.