2019 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තීරණාත්මක මොහොතේදී ලබා දුන් තීරණය හේතුවෙන් නවසීලන්තයට ලෝක කුසලානය අහිමිව ගිය බව එම සිදුවීමෙන් වසර 5කට පසු පසුගියදා ජගත් විනිසුරු දිවියට සමුදුන් දකුණු අප්‍රිකාවේ මරේ ඉරැස්මස් පවසනවා.
ඒ එංගලන්තයේ The Telegraph පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.
මෙම තරගයේ අවසන් පන්දුවයේ සිව්වැනි පන්දුවේදී පන්දුව යළි භාර කිරීමේදී බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී පන්දුව හතරේ සීමාවට යෑමත් සමග පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන සහ මරේ ඉරැස්මස් ඊට ලකුණු හයක් ලබා දීමට කටයුතු කළා.
ඒ වන විට පිතිකරුවන් දෙදෙනා දෙවැනි ලකුණ සදහා පැතිමාරු මාරු කර නොතිබුණු බවට තහවුරුවීමත් සමග ICC ක්‍රිකට් නීතියට අනුව එංගලන්තයට හිමි වීමට තිබුණේ ලකුණු හයක් නොව ලකුණු පහක් පමණයි.
එය එසේ වූවානම් තරගයේ ලකුණු සම නොවී සුපිරි පන්දුවාර තෙක් තරගයේ තීරණය ඇදී නොගොස් ලෝක කුසලානයේ ජය නවසීලන්තයට හිමිවනවා.
තරගයෙන් පසුදින උදෑසන ”මම උදේ කෑමට යන ගමන් මගේ හෝටල් කාමරේ දොර ඇරියා කුමාර් ධර්මසේනත් එයාගේ දොරත් ඒ වෙලාවේම ඇරියා, ‘ඔයා දැක්කද අපි ලොකු වැරැද්දක් කළා කියලා’ එතකොට තමයි මට ඒ ගැන දැනගන්න ලැබුණේ.
”ලෝක කුසලානය පැවැති සති හතේදී මගේ අතින් සිදුවුණු එකම වරද එය ඉන් මම බොහෝ කලකිරීමට පත්වුණා.” යනුවෙන් මරේ ඉරැස්මස් The Telegraph පුවත් පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.