ඉදිරියේදී පවත්වන මැතිවරණයකදී උතුර, නැගෙනහිර, කඳුකරය මෙන්ම මුස්ලිම් පක්‍ෂ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මේ වන විටත් තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.
උතුරු හා නැගෙනහිර ඇතැම් දෙමළ පක්ෂවල නායකයන් විවිධ මත ප්‍රකාශ කළත් එම පක්ෂයන්හි දෙවැනි තුන්වැනි පෙල නායකයන් ජනාධිපතිවරයා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටී.
ඔවුන් මේ වන විටත් ජනාධිපතිවරයාට සහාය දීම වෙනුවෙන් දේශපාලන සාකච්ඡාද පවත්වමින් ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
ඊපීඩීපී පක්ෂය සහ සීවී විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයාට සහාය දෙන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
සෙසු දෙමළ පක්ෂ පක්ෂවලද බහුතර මතය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවය.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ උතුර හා නැගෙනහිර ජනතාව ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැකි එකම නායකයා ජනාධිපතිවරයා බවට ඔවුන් විශ්වාස කිරීමය.