පසුගියදා අප අනාවරනය කල අකාරයට නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශකයා කරවීමට මාතලේ දී අත ඉස්සූ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිය යුතු බවට කල ප්‍රකාශයක් සම්බන්දයෙන් වාර්තා පලවනවා.
වාර්තා වන අකාරයට පෙරේදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයක් අතරේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමුවූ රෝහණ දිසානායක මහතා වත්මන් ජනාධිපතිවරයා රට තිබූ තත්වයෙන් ගොඩ ගත් බවත් ඔහු හැර රට ගොඩනගන්නට කිසිවකු නැති බවති ඉදිරියේදී පවත්වන මැතිවරණ වලදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කැප වන බවටත් පවසා ඇත.
වාසි අතට හෝයියා කියමින් සිය ඇමති පට්ටම රැකගන්නට දෙබිඩි ස්තාවරයක සිට කටයුතු කරන සහ දෙපිලේම පය තබා ගනිමින් කපටි දේශපාලන ගමණක නිරතවන රෝහණ දිසානායක වෙත පොදුජන පෙරමුණේ අභයන්තරයේ දැඩි විවේචන එල්ල වෙමින් ඇත.
මෙසේ දේශපාලකයින් සිය අනාගතය වෙනුවෙන් දෙබිඩි ගමනක නිරතවන බව හොදින් අවබෝධ කරගෙන චන්දේ දෙන මහජනතාව සිය තීන්දුව බුද්ධිමත්ව ලබා දීමට සැලකිලිමත් වියයුතු බව අපේ හැගීමයි.
උපුටා ගැනීම : lankahotnews