මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාතියේ සිට සිදු කරනු ඇති බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ශක්තිමත් වීම හමුවේ ඉන්ධන මිල අඩුකිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව එම ආරංචිමාර්ග පෙන්වා දෙනවා.
එමෙනම පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක් වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ මෙවර මිල සංශෝධනයේදී හෝ ඊළඟ මිල සංශෝධනයේදී ඛනිජ තෙල් සංස්ථාව ලැබූ ලාභයේ වාසියද ජනතාවට ලබා දෙන බවයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඛනිජ තෙල් සංස්ථාවට 4% දක්වා වූ ලාභ ප්‍රතිශතයක් හිමිව තිබුණි.