ව්‍යවසායකත්ව රාජ්‍යයක් හරහා “සතුටු දැයක්” නිර්මාණය කිරීම සිය අභිප්‍රාය කරගත් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා නියෝජනය කරන මව්බිම ජනතා පක්ෂය සිය කොළඹ දිස්ත්‍රික් සමුළුව විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව ඊයේ (පෙබරවාරි 17) දිනයේදී පවත්වනු ලැබුවා.
ජාතිකවාදී මතවාදය නියෝජනය කරන දේශපාලන බලවේග රැසක් එකට එක් වෙමින් මව්බිම ජනතා පක්ෂය සමඟ සම්බන්ධ වෙමින් දිලිත් ජයවීර මහතා ජනාධිපති කරවීම පිණිස අත්වැල් බැඳගැනීම හරහා රටට හා ජනතාවට සුබදායී අනාගතයක් උදා කරලීමේ මාර්ගයට ශක්තිමත් අඩිතාලමක් දමන්නට සමත්ව තිබේ.
විශාල ජන සහභාගිත්වයක් සමගින් ජාතිකවාදී මතවාදය වෙනුවෙන් කැපවන දේශපාලකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් හා රට වෙනුවෙන් සිය වගකීම ඉටුකළ කල බොහෝ පිරිසක් මෙම සම්මේලනයට සහභාගී වූ අතර ඔවුන් දැක්වූ අදහස් වලින් ප්රකාශවන එකම කාරණය නම් සාම්ප්‍රදායික තට්ටුමාරු දේශපාලනයෙන් හෙම්බත්ව ඇති රට යලි නිසි මාර්ගයට ගැනීමේ හැකියාව සහ අවශ්‍යතාවය ඇති කණ්ඩායමක් දිලිත් ජයවීර මහතා සමඟ සම්බන්ධ වී ඇති බවයි.
හැමදාම ජනතාව රවටන ප්‍රතිපත්තිමාලා වෙනුවට රටේ ජනතාවට “සතුටු දැයක්” නිර්මාණය කිරීම පිණිස වූ ප්‍රයෝගික වැඩපිළිවෙලක් හරහා ලෝකය ජයගත් අනෙකුත් ජාතීන් මෙන් ව්‍යවසායකත්වය පදනම් කරගත් මාර්ගයක් විවර කිරීම සිය ප්‍රමුඛතම අපේක්ෂාව බව සමුළුව අමතමින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා සමුළුව අමතමින් පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින ව්‍යාජ දේශපාලනයෙන් මිදී ප්‍රලාප වලින් ඔබ්බට ගිය ප්‍රයෝගික නිර්මාණශීලී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම පිණිස සියලු පාර්ශව වලට තමන් හා එක්වන ලෙසයි.
විශාල ජන සහභාගිත්වයක් සමඟ පැවති සමුළුවේ චායරුප සහ වීඩියෝ පහතින්…