වාහනයක්, ඉඩමක් හෝ නිවසක් මිලදී ගත් පමණින් එම තැනැත්තා ආදායම් බදු ගෙවීමට යටත් නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
සේවා නියුක්තිකයෙකු ලෙස රැකියාවේ නිරත වන වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් ඉක්මවූ වැටුපක් ලබන පුද්ගලයින්ට පමණක් ආදායම් බද්ද පැනවෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එවැනි පුද්ගලයින් ගෙවිය යුතු ආදායම් බද්ද සේවා යෝජකයා හරහා සිය දෙපාර්තමේන්තුවට ලැබෙන බව ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති හා නීති සම්පාදන අංශයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන පැවසුවා.
ඔහු එම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
එම සාකච්චාව පහතින්…