මේ දවස්වල මිනිස්සු ඉන්නේ පාං කියාගන්න බැරුව. තෙල් පෝලිම් වල මැරෙන්න වැටුන මිනිස්සුන්ට ලයිට් කැපිල්ලෙන් හෙම්බත් උන මිනිස්සුන්ට දැන් වටේ බදු ගහලා වැඩි කරන්න තියෙන ඔක්කොම බිල් වැඩි කරලා ආන්ඩුව ජනතාව නොමරා මරණ තැනට පත් කරලා.
ඒ අස්සෙ මේ රටේ ඉන්න කූට ව්‍යාපාරිකයින් වගේම හොර තක්කඩි මිනිස්සුත් ඒකටම තකට තක සෙට් වෙලා මිනිස්සු හූරගෙන කනවා.
මේ වගේ වැඩක් කොහුවල ලාෆ් ශෙඩ් එකේ උන් කරලා. තෙල් ගහන්න ආව මනුස්සයෙක්ට හොරට තෙල් ගහලා හැබැයි සීන් එක අතේ මාට්ටු.
සෝසල් මීඩියා වල ශෙයා වෙන කතන්දරේ ඔන්න පහලින්.
කොහුවල ලාෆ්ස් #LAUGFS
මිනිස්සු කොච්චරනම් හොරැ වෙලාද කියනවනම් අද මගෙන් රැ.900කට වැඩේ දුන්න. හොද වෙලාවට මම සිහියෙන් හිටපු නිසා බේරැනා.
පෙට්‍රල් ෆුල් කරන්න කියල වාහනේ නවත්තල පෙට්‍රල් ගහනකල් බලන් හිටිය. බෙල්ලෙ අවුලක් තිබ්බ නිසා අන්තිමට ගාන බලන්න බැරි උනා. ඉතින් ටිකකින් කාඩ් එකෙන් අයකරපු ගාන Rs.17995 ක් කියල මැසේජ් එක ආවා. වැඩි කලාට පස්සෙ ගැහුවෙ නැති උනත් එච්චර ගානක් වැඩි උනේ කොහොමද කියල බලන්න උගෙන් බිල ඉල්ලුව. මැෂින් එකේ බිල එන්නේ නෑ කියල ලියල දුන්න. ඒකෙ තිබ්බෙ ගාන විතරයි. ඊට පස්සෙ මම කිව්ව ලීටර් ගානත් එක්කම ලියල දෙන්න කියල. එතකොට මෙන්න මූ ලියල දෙනව ලීටර් 49ක් කියල. ටැංකියෙ කැපෑසිටි එකත් 50යි. එහෙම වෙන්න බැරි නිසා මම කිව්ව මට ආපස්සට ගිහින් බලන්න ඕන මගේ බිල කීයද කියල. මැෂින් එකේ එහෙම feature එකක් තියෙනව බලන් ගියාම. මොකද මගෙන් පස්සේ ඒ පම්ප් එකෙන්ම තව වාහනයකටත් පෙට්‍රල් ගහල ඉවරයි. ඉතින් බලද්දි ගහල
තියෙන්නේ ලීටර් 46 ගානක් සහ මුදල රැ 17,095යි. ඊට පස්සේ ඉතින් complain එකකුත් දැම්ම. අරෑ නෙවෙයි ඇවිල්ල සොරි කිව්වෙවත්. කාඩ් එකටම අර මුල් සල්ලි ටික රිටර්න් කරල ආයෙම හරි මුදල අය කරා.
මේ වෙලාවෙ හැමෝම ඉන්නේ අමාරැවෙන් බව ඇත්ත. හැබැයි හොරැන්ට නෝ චාන්ස්. වැරදීමකින් උනානම් අරෑට තිබ්බ සමාව ගන්න. එහෙම කලෙත් නෑ. ඒක නිසාම මේක පෝස්ට් කරන්න හිතුව.
අය කරගත්තු බිල් ටික මෙන්න තියෙනව. හැමෝම අවදානයෙන් ඉන්න. පෙට්‍රල් ගහන්න ඉස්සෙල්ල මීටරේ 0 තියෙනවද බලන්න. ගැහුවට පස්සේ ඒ ගානත් බලන්න.
ජය!
උඋපුටා ගැනීම ෆේස්බුක්