මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන ඇති පිරිස ලක්ෂ 10 ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයා මෙලෙස පැවසීය,
“අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබුණේ ජනවාරි 01 වනදාට 437,547යි. අද වෙනකොට ලක්ෂ 10 ඉක්මවලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ආදායම් විශමතාවයක් තියෙනවා. මේ ආදායම් බෙදී ගිහින් තිබෙන ආකාරය බැලුවොත් ඉහළම ආදායම් ලබන කණ්ඩායම 20%ක් විතර ඉන්නවා. ඒ කණ්ඩායමෙන් සමස්ත ආදායමෙන් 60% වඩා බෙදිලා තිබෙනවා.”
“20%ක් කියලා කිව්වොත් පුද්ගලයන් ලක්ෂ 50ක් විතර. එතකොට අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ මේ ලක්ෂ 50 හඳුන ගැනීම. මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ බදු ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ.”