රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කොන්දේසි පනවා තිබෙනවා.
ඒ අනුව මෙවර රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ලැබෙන්නේ ලාබ ලැබූ ආයතනවල සේවකයින්ට පමණයි.
ලාභ ලැබීම පමණක් ප්‍රසාද දීමනා ලැබීමට හේතුවක් නොවන අතර ඒ සඳහා සපුරාලිය යුතු කොන්දේසි මාලාවක් ද මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රසාද දීමනා ලැබීමට සුදුසුකම් ලැබීමට නම් අදාළ රාජය ආයතනය 2022 වසරේදී ලාභ ලැබීම අනිවාර්යයි.
එමෙන්ම බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30 ක් ඒකාබද්ධ අරමුදලට ගෙවා තිබීම ද තවත් අනිවාර්යය කරුණක්.
ලාභ නොලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.
රාජ්‍ය ආයතන, වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වලට මෙම නියෝගය අදාළ වනවා.