මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සෙසු ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් ඇති බවද පවසයි. පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද සවස රට පුරාම විදුලිය විසන්ධි විය.
කොත්මලේ සිට බියගම දක්වා වූ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
රාත්‍රි 9.30 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බවද එම ප්රකාකයා වැඩි දුරටත් පැවැසීය