රාජ්‍ය ආයතන වෙත නොගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව ලැබෙන විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා. ඩිජිටල් ක්‍රමවේදය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.
පරිගණකල ජංගම දුරකථනල ටැබ් ආදී උපාංගයක් ඔස්සේ ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට සේවා ලබා ගත හැකි වන පරිදි මෙම වැඩපිළීවෙල සම්පාදනය කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.
මෙම ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේ දී සාර්ථකව සිදුකළ බව ද සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින්ම පාහේ නතර කිරීමට හැකි වූ බවද එම ආයතනය පෙන්වා දෙනවා.
රහසිගත මෙහෙයුම් – ප්‍රබලයෝ ජනධිපතිවරණයට සැරසෙති…
ජනතාවට කාර්යාල වෙත නො පැමිණ නිවසේ සිට ම සේවාවන් ලබා ගැනීමට හැකි වීම නිසා කාලය මෙන්ම මුදල් ද ඉතිරි කිරීමකි. පුරවැසි කේන්ද්‍රීය සේවාවක් ලෙස රාජ්‍ය අංශයේ සේවාවන් ඉතා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් ජනතාවට ලබා දීම වැඩපිළිවෙලේ අරමුණයි. පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම, පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන්ම සේවා සැපයීමේ දී දත්ත වෙත කඩිනමින් යොමු වීමේ හැකියාව මෙහි විශේෂතා ලෙස හදුනාගත හැකියි.
කඩදාසි භාවිතයෙන් තොර වීම රාජ්‍ය සේවය පරිසර හිතකාමී මාවතකට යොමු කරන අතර, කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීම, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින් ද රාජ්‍ය සේවය නිදහස් වීම මෙහි ඇති වාසි ලෙස හදුනාගත හැකිය. විශ්වසනීයත්වය තහවුරු වීම තවත් වාසියක්.
පරම්පරාගත ලෙඩ සුව කරන “ජාන චිකිත්සාව”
2025 වසර අවසන් වන විට පුරවැසියන්ගෙන් අවම වශයෙන් 25්‍රක් රාජ්‍ය සේවා සඳහා අන්තර්ජාලය හරහා සම්බන්ධ වනු ඇති බවටද පුරෝකතනය කර තිබෙනවා.