ජනාධිපතිවරණ මෙහෙයුම් වඩාත් රහසිගතව සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. අපේක්ෂකයන් තේරීම සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, බැසිල් රාජපක්ෂ සහ මලික් සමරවික්‍රම යන අය පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා. එජාපය හා පොහාට්ටුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාධාමයක් ලෙසයි මෙම වැඩපිළීවෙල සංවිධාන වෙමින් තිබෙන්නේ.
මේ අතර තවත් විවිධ පාර්ශව වෙන් වෙන් වශයෙන් සාකච්ඡා සිදුකරමින් සිටින අතර, ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ඉදිරි මැතිවරණයකදී කුමන පාර්ශවයක් වෙත සහය ලබාදෙන්නේද යන්න තීරණය කිරීමයි. ඔවුන් මේ දිනවල විවිධ පාර්ශව කැඳවමින් මේ ගැන රහසිගත සාකච්චා පවත්වන බවටද තොරතුරු අනාවරණ වනවා.
තවත් කාරණයක් වන්නේ විපක්ෂයේ බලවේගයක් ඉදිරි ජනාධිපතිවරණයට ගෙන ඒමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද රහසිගත මෙහෙයුමක් දියත් කරමින් සිටීමයි. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන් සිටින බවද එය තීන්දු තීරණ ගත හැකි ප්‍රබල තනතුරක් වන බවද පසුගිය කාලයේ තොරතුරු අනාවරණ වුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් විසදුමක් ඉදිරිපත් වී නැති අතර, කුමාරතුංග මහත්මියට සමීප පාර්ශව පෙන්වා දෙන්නේ බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ඇයට හිමිවීමට ඉඩ ඇති බවයි.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට පත්වුවහොත් හිටපු ජනාධිපතිවරිය එම මෙහෙයුම නතර කර ඔහුට සහාය දීමට ද ඉඩ ඇති බවටද තොරතුරු අනාවරණ වනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කුමාරතුංග මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රබල කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර, ඇය පවසා ඇත්තේ තම සහය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සම්බන්ධතා සියල්ල අත්හැරිය යුතු බවයි. රාජපක්ෂ කඳවුරෙන් බැහැරව සියළු කටයුතු සිදුවිය යුතු බවද එසේ නොවන්නේ නම් තමන් විපක්ෂයේ බලවේගයක් මතු කරමින් ජනාධිපතිවරණය වෙනස් මාවතකට යොමු කරන බව ද ඇය අවධාරණය කර තිබෙනවා.
මේ අතර සියල්ලට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය හිස රදයක් බවට පත්ව ඇති තත්ත්වයක් ද නිරීක්ෂණය කළ හැකියි. සමාජ මාධ්‍ය ඔස්සේ ද අනුර කුමාර දිසානායකට ඉහළ ප්‍රසාධයක් පළවෙමින් තිබෙන තත්ත්වයක් තුළ ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් කෙසේ සැලසුම් කරන්නේ ද යන්න පිළිබඳ එම පාර්ශව අතර ප්‍රබල ලෙස සාකච්ඡා සිදුවෙමින් පවතින බවටයි දේශපාලන ආරංචි පවසන්නේ.