ලොව අති දැවැන්තම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙසින් සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ අවසන් දින කිහිපය මේ වනවිට එළඹ තිබෙනවා.
ඒ වෙනුවෙන් එක් එක් දේශපාලන පක්ෂ සිය ඡන්ද ව්‍යාපාරය ජය ගැනීම උදෙසා ජනතාවට විවිධ වූ පොරොන්දු ලබා දෙමින් සිටියි.
වත්මන් පාලක පක්ෂය (භාරතීය ජනතා පක්ෂය/BJP) නියෝජනය කරන අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානම ප්‍රතිවාදියා වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්රසයද පාලන බලය සියතට ගැනීමට දැවැන්ත සටනක් ලබාදෙමින් සිටිනවා.
ඒ අනුව ගාන්ධිගේ ප්‍රධානම ඡන්ද පොරොත්දුවක් වී ඇත්තේ, මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාෂ කිරීමෙන් පසු දිනම, එනම් ජූනි 05වැනිදා රටේ සෑම දුප්පත් පවුලකම කාන්තාවකගේ ගිණුමකට ඍජුවේම ඉන්දීය රුපියල් 8,500ක (මෙරට වටිනාකමින් රු. 30,830) මුදලක් බැර කරන බවයි.
ඒ වෙනුවෙන් රටේ දුප්පත් මිනිසුන්ගේ ලැයිස්තුවක් සකස් කරන බවත් ඔහු මැතිවරණ වේදිකාවේදී පවසා ඇත.
“සෑම දිළිඳු පවුලකින්ම කාන්තාවකගේ නමක් තෝරනවා. ජූනි 05වැනිදා රටේ කෝටි ගණනක් දුප්පත් කාන්තාවන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් 8,500ක් බැර කරනවා.
මේක ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්…..දිගටම ලැබේවි” යනුවෙන් ඔහු පවසයි.
ඉන්දීය පාර්ලිමේන්තුව නැතහොත් ලෝක් සභාවට සාමාජිකයින් 543 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්වෙනවා.
මෙය ඉකුත් අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර, ජූනි 01 වැනිදා දක්වා අදියර 07කින් පැවැත්වීට කටයුතු යොදා තිබෙනවා.
මෙහි ප්‍රතිඵල ජුනි 04 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා ඇත.
දින 44ක් පුරා පැවැත්වෙන මෙවර මැතිවරණය ඉන්දීය ඉතිහාසයේ මෑතකදී පැවැත්වෙන විශාලතම මැතිවරණයක් වන අතර, එය දෙවැනි වන්නේ 1951-52 මහා මැතිවරණයට පමණි.
බිලියන 1.4ක ජනගහනයකින් ආසන්න වශයෙන් මිලියන 970ක ජනතාවක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර, එය මුළු ජනගහනයෙන් 70%ක අගයක් ගනියි.