මේ ඉතිහාසයේ කවරදාකටත් වඩා ශ්‍රී ලංකාව දේශපාලනිකව අස්ථාවරව ඇති කාලයකි.
රටක් එක්ව පත් කරගත් ජනපතිවරයා කෙරෙහි තැබූ ජනතා බලාපොරොත්තු කඩවිය.
අවසානයේ ජනතාව විසින්ම ජනපතිවරයාට එරෙහිව අරගල කළේය.
අරගලයේ ප්‍රතිඵලයක් ලෙස සාම්ප්‍රදායික ප්‍රබල දේශපාලන පක්ෂ සියල්ල ජනතා විශ්වාසයෙන් ඈත් වෙමින් තිබේ.
ශ්‍රී ලාංකිකයාගේ දේශපාලන හැසිරීම අපූරු ය.
ඇතැම් විටෙක ශ්‍රී ලාංකිකයා ඡන්දය භාවිතා කරන්නේ පලිගැනීමටයි.
නව පාලකයෙකුගේ ප්‍රතිපත්ති දිනවීමට වඩා, වත්මන් පාලකයා පරාජය කිරීමට ඔවුන් ඡන්දය භාවිතා කරයි.
මේ උදාවෙමින් පවතින්නේ එවැනි කාලයකි.
75 වසරක සාපයක් ගැන මතයක් ජනතාව අතර පැල කළ, එනමුදු ඔවුන් ද එම සාපයේම කොටසක් බව සඟවන ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජනබලවේගය පවතින දේශපාලන රික්තකය පිරවීමට ඉදිරිපත්ව තිබේ.
මේ 1970 දශකයේ සිට මෙරට දේපළ විනාශ කළ පක්ෂයමය.
මේ 88/89 කාලයේ රක්ත ගංගා ගලා යාමට හේතු වූ පුද්ගලයන්මය.
මේ 1994 සිට 2019 දක්වාම සෘජුව හෝ වක්‍රව සංධාන ගැසූ, ආණ්ඩු පිහිට වූ, ඇමති ධූර දැරූ කණ්ඩායමමය.
ශ්‍රී ලංකාවට බැරි යැයි ද, වෛරය සහ පළිගැනීම උත්තරය යැයි ද සමාජගත කළ මතවාදයමය.
ඉතින් 75 වසරක පාලකයන් ප්‍රතික්ෂේප කරන විට ඔවුන් විකල්පයක් විය නොහැක.
ඔවුන් ද 75 වසරක සාපයේම කොටසකි.
කොටින්ම මේ මවුබිමට, සංස්කෘතියට සහ සභ්‍යත්වයට ආදරය කරන හැටනව ලක්ෂයේ මිනිසුන්ට මාලිමාව සමග එක්විය නොහැක.
එසේ නම් විකල්පය කවුද ?
විකල්පය කවුරුන් වූවත් ඒ වෛරය වෙනුවට විසඳුමක් සමග පැමිණෙන කණ්ඩායමක් විය යුතුය.
ශ්‍රී ලංකාව යනු අදක්ෂ, කරුමක්කාරයන්ගේ භූමියක් යැයි නොව අපට හැකි යැයි කියනා බලවේගයක් විය යුතුය.
විකල්පය නම් වෛරය වෙනුවට ආදරය වපුරනා පිරිසක් විය යුතුය.
විකල්පය නම් තමන්ට හැකි යැයි ඔප්පු කර තිබෙනා, පැමිණිලි කිරීමෙන් එහා ගොස් ජීවිතයේ කුමක් හෝ ජයග්‍රහණයක් ලබා පෙන්වූ මිනිසෙකු විය යුතුය.
විකල්පය නම් මහා සංස්කෘතිය සහ අනන්‍යයතාවය ප්‍රතික්ෂේප නොකරනා අපේ සභ්‍යත්වයට මුල් තැන දෙන පක්ෂයක් විය යුතුය.
ගෝඨාභය අසාර්ථක වූවත්, ලක්ෂ හැටනවයේ අභිලාෂ අසාර්ථක ඒවා නොවේ.
ඒ බලාපොරොත්තු, අභිලාෂ තවමත් මේ පොළවට වලංගු වේ.
විකල්පය නම් ලක්ෂ හැට නමයේ අභිලාෂ සමග පෑහෙන මතවාදයක් විය යුතුය.
මේ සියලූම කොටු ඉදිරියෙන් හරි ලකුණ සලකුණු කරනා දිලිත් ජයවීර සහ මවුබිම ජනතා පක්ෂය (MJP) දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම ඉතා යහපත් වන්නේ එබැවිනි.
කළකිරුණු, නායකත්වයක් සහ කඳවුරක් අහිමි වූ ලක්ෂ හැටනවයේ ප්‍රජාවට ගැලපෙන නවාතැනක් නිර්මාණය වීම කාලීන දේශපාලන අවශ්‍යතාවයකි.
එම නවාතැන වන්නේ ඔවුන්ට හාත්පසින්ම විරුද්ධ මතයක් දරනා ජාතික ජනබලවේගය (ජවිපෙ) නොවේ.
ඒ නවාතැන දැන් නිර්මාණය වී තිබේ.
එනම් ලක්ෂ හැටනවයේ ම එකෙකු වූ ද, ලක්ෂ හැටනවයේ මතයම දරනා වූ ද දිලිත් ජයවීර විසින් නිර්මාණය කර ඇති මවුබිම ජනතා පක්ෂයයි.
මේ මොහොතේ පලිගැනීමට එහා ගොස් සැබෑ ලක්ෂ හැට නවයේ අභිලාෂ දිනවීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකුගේම නවාතැන විය යුත්තේ මවුබිම ජනතා පක්ෂයයි.