රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අයවැයෙන් වැඩිකළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5,000 ක මුදලක් මේ මාසයේ සිට ලබාදෙන බව ආණ්ඩුව පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ රාජ්‍ය සේවකයින් පත්ව ඇති ආර්ථික අපහසුතා තත්ත්වය සලකා මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසුවේ මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවයි.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවත්, සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.