පසුගිය අරගලය සමයේ පොහොට්ටු දේශපාලකයින්ට අයත් දේපල හා නිවාස රැසක් ගිනිබත් කොට විනාශ කල බව සියලුදෙනා දන්නා කරුනක්. ඒ හා සමාන ප්‍රචාරයක් නොලැබුනත් ඒ හානි වූ දේපොල වෙනුවෙන් කෝටි ගනන් මහජන මුදල් වන්දි මුදල් ලෙස ඔවුනට ලැබුනු බවද නොරහසක්.
කෙසේ වෙතත් අප මේ කියන්නට යන පුවත වාර්තා වන්නේ දඹුල්ල ප්‍රදේශයෙන්. ඒ අන් කවුරුත් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත පිලිබදවයි.
හිටපු නගරාධිපතිවරයාගේ නිවසද පසුගිය අරගල සමයේ ගිනිබත් වූ අතර එහි හානිය සදහා වන්දිය ලෙස ලක්ශ 450ක් ඔහුට රජයෙන් වන්දි ලැබී ඇත. ඔහුගේ නිවසේ තක්සේරු වටිනාකම එතරම් අගයක් නොවූවත් අනෙක් පොහොට්ටු දේශපාලකයන්ට නොලැබුනු තක්සේරුවක් ජාලියට ලැබුනේ කෙසේද යන්න පොහොට්ටුව අහ්‍යන්තරයේද කතා බහට ලක්ව අති මාතෘකාවක්.
කෙසේ වෙතත් ලැබුනු මුදලෙන් උපරිම ඵල නෙලාගත් හිටපු නගරාධිපතිවරයා සිය දියනියන් දෙදෙනාද මහනුවර ඉහල පෙලේ පාසල් වලටද යොමු කොට ඇති බවටයි වාර්තා වන්නේ.
කරුනු කාරනා එසේ වෙද්දි අපට ලැබුනු නවතම තොරතුරකට අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉහලම වටිනාකමකින් යුතු ඉඩමක්ද කැබිනට් අනුමැතියෙන් ඔහුට ලබා දෙන්නට පොහොට්ටුවේ ප්‍රභලයෙක් කටයුතු කොට තිබෙනවා.
දඹුල්ල පොල්වත්ත නම් ඉඩමේ කොටසක් තම අයිතියට ලැබුනු බව පොහොට්ටු දේශපාලකයින් පවා නොදන්නා කරුනක් වීම පුදුමයට කරුනක් වන අතර ජාලිය සිය සමීපතමයින්ට පවා මෙම කරුනු සගවා තබා ගන්නට කටයුතු කිරීමද විසේශත්වයක්.
උපුටා ගැනීම: www.lankaenews.com