අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මෙරට ජනතාව ලෝකයේ රැකියා වලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇතැයි කී අබේවර්ධන මහතා මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතු වල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇතැයි කීය.
තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.