Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ලොක්කන්ටත් කොළේ වැසූ ONMAX DT මගඩිය!

CMBNEWS by CMBNEWS
August 2, 2023
in පුවත්
0
ලොක්කන්ටත් කොළේ වැසූ ONMAX DT මගඩිය!
0
SHARES
548
VIEWS
Share on FacebookShare on Twitter

කලින් කලට මතුවන කුප්‍රකට මූල්‍ය ආයතනවල අධික ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කිරීම දැන් ශ්‍රී ලංකිකයන්ගේ පුරුද්දක් වී තිබේ. ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ මෙවන් මූල්‍ය වංචා රැසක් වාර්තා වූ බව අපි දනිමු. එහෙත් තවමත් ඉහළ පොලිය සහ සුඛෝපභෝගී සිහින පසුපස ගොස් රැවටෙන්නෝ අප අතර සිටිති. මේ දිනවල පුවත් මවමින් සිටින ඔන්මැක්ස් ඩී.ටී (OnMax DT) ද එවන් වූ ජාවාරමකි. දිනෙන් දින මෙම ජාවාරම පිළිබඳ තොරතුරු කරළියට පැමිණෙමින් තිබේ.

ඉකුත් ජූලි 12 වැනිදා ලැබුණු අධිකරණ නියෝගයක් මෙම කතාබහ තවත් තීව්‍ර කළේය. මෙම තීන්දුව ලැබුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙනි. ඒ අනුව ඔන්මැක්ස් ඩී.ටී ( OnMax DT) පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකට අදාළව මෙම තීන්දුව ලැබී තිබුණි. වාර්තා වූ පරිදි අත්හිටවූ ගිණුම්වල රුපියල් කෝටි 79 ක මුදලක් තැන්පත් කර තිබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ විය. OnMax DT සමාගම වොලට් හෙවත් අත්‍යන්ත ක්‍රමයට ඇමෙරිකානු ඩොලර් කෝටි දහයකට අධික මුදලක් ගනුදෙනු කර ඇතැයිද, එහි සැක කටයුතු ගිණුම් වාර්තා වන බවද මෙම පැමිණිල්ලේ සඳහන්ව තිබේ. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විමර්ශන අරඹා ඇත්තේ ඒ අනුවය.

පිරමීඩ ආකාරයට මුදල් එකතු කරමින් පවත්වාගෙන ගිය ඔන්මැක්ස් ඩී.ටී. නමැති නීතිවිරෝධී පෞද්ගලික ආයතනයක ප්‍රධාන ගිණුමක තිබූ රුපියල් කෝටි 79 ක් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනකු වංචා සහගතව ඔවුන්ගේ ගිණුම්වලට බැර කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය හෙළිදරව් කරගෙන තිබුණි. එම ගිණුම් අත්හිටුවීමේ නියෝගය ලැබුණේ ඒ අනුවය. මේ වන විටත් මෙම වංචාව සම්බන්ධයෙන් OnMax DT ආයතනයේ සම්පත් සඳරුවන්, අතුල ඉන්දික, සම්පත් ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කර තිබේ. එසේම පසුගිය නඩු වාරයේදී බැංකු ගිණුම් 58 ක්ද තහනම් කර ඇත.

ඉකුත් අප්‍රේල් 20 වැනිදා ඔන්මැක්ස් ඩී.ටී. යෝජනා ක්‍රමයේ විදෙස් ගිණුම් 8 ක් මාස 6 ක කාලයක් සඳහා වහාම අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ බයිනෑන්ස් ඩොට්.කොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. මෙම ජාවාරම බයිනෑන්ස් නම් ප්‍රකට අන්තර්ජාල මුල්‍ය සේවා භාවිත කරමින් සිදු කර තිබීම සුවිශේෂී තත්ත්වයකි.

ලොව පුරා පිරමීඩ ආකාරයේ මූල්‍ය සමාගම් ක්‍රමයෙන් අන්තර්ජාල මූල්‍ය වේදිකා වෙත ගොඩවන බව මේ වන විටත් පැහැදිලි වී තිබේ. ඔන්මැක්ස් ඩී.ටී ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමවේද යටතේ මූල්‍ය වංචාවක් සිදු කළ බවට සැක කෙරෙන පළමු ආයතනයයි. කෙසේවෙතත් තවදුරටත් අන්තර්ජාල මූල්‍ය භාවිත කරමින් මීට සමාන ජාවාරම් අප රට තුළ ද සිදුවෙමින් පවතී. ඔන්මැක්ස් ඩී.ටී මෙන් මහා පරිමාණ වංචාවක් සිදුවන තුරු ඒවා දෙස බලධාරීන් ඇස හැර බලනු ඇතිදැයි සැකයකි.

විමර්ශන සම්බන්ධ වාර්තා වන තොරතුරු අනුව Onmax DT වංචා කර ඇති මුදල කොතෙක්ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැක. අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට විමර්ශන නිලධාරීහු සැක කරති. ඒ අනුව මෙම වංචාවට හසුවූ මෙරට ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් පවා වන බව කියැවේ. ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ඔන්මැක්ස් ඩී.ටී හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බවට ද චෝදනාවක් නැගුණි.

ඔන්මැක්ස් ඩී.ටී ආයෝජන ලොව පුරා රටවල් රුසක ඇති බවට සඳහන් කරමින් ඔවුන් තමන් වෙත ගනුදෙනුකරුවන් එකතු කර ගන්නා ආකාරය අපි නිරීක්ෂණය කළ අතර ඒ පිළිබඳව කිසිදු සාක්ෂියකින් තහවුරු කිරීමට හැකි වී නොමැති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේවෙතත් ඉකුත් සතියේ පළවූ වාර්තාවකට අනුව Onmax DT ආයතනය සිය ඔස්ට්‍රේලියානු ලියාපදිංචිය අවලංගු කරන්නට උත්සාහ දරමින් සිටියි.

එරට ව්‍යාපාර කටයුතු සම්බන්ධ රජයේ ආයතනය වන ඔස්ට්‍රේලියානු සුරුකුම්පත් සහ ආයෝජන කොමිසමට ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි කියැවේ. ඉතා කඩිමුඩියේ මෙම  පිරිස සිය ලියාපදිංචිය ඉවත් කර ගැනීමට වෑයම් කරන්නේ මේ වංචාව පිළිබඳ ඔස්ට්‍රේලියානු නීතිය යටතේ කටයුතු කිරීම වළක්වා ගැනීමට බව කියැවේ.

කෙසේවෙතත් මෙම සමාගම ශක්තිමත් පුළුල් ජාලයක් ලෙස කටයුතු කරමින් සිටින බව පෙනී යයි. ඔවුන් සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බව පෙනෙන්නට තිබේ. ගනුදෙනුකරුවන් සන්සුන් කිරීම, නීතියේ හිඩැස් සෙවීම ආදිය එයින් කිහිපයක් පමණි. මෙම සමාගම පරිපාලනය කළ පිරිස සුළු කොට තැකිය නොහැකිය. ඔවුන් ක්‍රියාත්මක වූයේ ප්‍රසිද්ධියේය. මාධ්‍ය අනාවරණය ඔස්සේ පළවන තොරතුරු අනුව මෙම වංචාව කරළියට පැමිණෙන තුරුම මහ බැංකුව ඇතුළු බලධාරීන් නිද්‍රාශීලීව තබා ගැනීමට ඔවුහු සමත් වූහ.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකු පනතේ 83(ඇ)(1) හා මුදල් විශුද්ධිකරණ පනතේ අංක 3 යටතේ වරදවල් සිදුවී ඇති බව සැක කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරමින් සිටී. මහ බැංකුවේ නිර්දේශවලට යටත්ව හා බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව නඩු කටයුතු ආරම්භ කර තිබේ.  ඔන්මැක්ස් ඩී.ටී. බෙස්ට් ලයිෆ්, ග්ලෝබල් ලයිෆ්, ස්පෝට් චේන් ඇප් ආදී මෙරට ව්‍යාපාර ආයතන 8 ක් බැංකු පනත උල්ලංඝණය කරමින් නීතිවිරෝධී පිරමීඩාකාර වෙළෙඳාමේ නිරත වීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පවරන්නැයි ජූනි 1 වැනිදා මහ බැංකුව නීතිපතිවරයා සිදු කළ ඉල්ලීම අනුව මෙම නඩු පැවරීම ආරම්භ වී තිබේ.

මේ සම්බන්ධව බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වීම අතිශය වැදගත්ය. ආයෝජකයන් දැනටත් ක්‍රමයෙන් කලබල වීමට පටන්ගෙන තිබේ. ඔන්මැක්ස් ඩීටී මූල්‍ය පිරමීඩ ජාවාරම පවත්වාගෙන ගියේ යැයි කියන නියෝජිතයකුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් හුංගම පිහිටි එම නියෝජිතයාගේ නිවෙස ඉදිරිපිටදී ගිනි තබා මුළුමනින්ම විනාශ කර කර ඇතැයි පසුගිය සතියේ වාර්තා විය. මෙය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි තත්ත්වයකි.

දැන දැනම ලොකු සල්ලි සොයා අමාරුවේ වැටෙන ගනුදෙනුකරුවන් දැන්වත් සත්‍ය අවබෝධ කරගත යුතුව ඇත. නිද්‍රාශීලීව සිටින බලධාරීන් ද අවදි විය යුතුය. අප මූල්‍ය විනයක් නොමැති බංකොලොත් වූ රටකි. නැවත ගොඩ ඒමට නම් විනය සේම බුද්ධිය ද අපට එක හා සමානව වැදගත්ය.

I චමිඳු නිසල් ද සිල්වා / www.deshaya.lk

Previous Post

ජනපතිවරණයට තුරුම්පු ආසියා දානවා!

Next Post

“විද්‍යා විශය අනිවාර්ය නෑ” සැමට විවෘත වෙන හෙද සේවය!

CMBNEWS

CMBNEWS

Next Post
“විද්‍යා විශය අනිවාර්ය නෑ” සැමට විවෘත වෙන හෙද සේවය!

"විද්‍යා විශය අනිවාර්ය නෑ" සැමට විවෘත වෙන හෙද සේවය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.