අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට් හි අධිකරණයක් රාහුල් ගාන්ධි ට එරෙහිව අගමැති නරේන්ද්‍ර මෝදි ට සහ මෝදි යන නම සහිත වෙනත් පුද්ගලයින්ට අපහාස කළ බවට වූ චෝදනාවට වැරදිකරු කෙරිණි.
එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ මන්ත්‍රීවරයාගේ පවුල් නාමය “මෝදි” බව සඳහන් ය.
53 හැවිරිදි ගාන්ධි එම ප්‍රකාශය 2019 දී කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබුණි.
එහිදී අධිකරණය විසින් ගාන්ධි ට එරෙහිව වසර දෙකක සිරදඬුවමක් ලබාදුනි. නමුත් සිරගත කිරීම නොකර ඔහුට ඇප ලබාදුනි.
එම නඩු තීන්දුවෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි විය. ඒ වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා සිර දඬුවමක් මන්ත්‍රීවරයෙක් ට නියම කළහොත් ඔහුගේ මන්ත්‍රී පදවිය අහිමිවෙයි.
නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමග ඔහුට මන්ත්‍රී ධුරය නැවතත් හිමිවෙයි.