Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ!

CMBNEWS by CMBNEWS
April 27, 2024
in පුවත්
0
මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ!
0
SHARES
47
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රථමයෙන් පවත්වන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න තවමත් රජය නිල වශයෙන් ප්‍රකාශ කර නැත. ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දුන්නත් නැතත් අගෝස්තු පළමුවැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වූ ක්‍රියාවලිය ආරම්භ කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක ප්‍රකාශ කර ඇත. මහනුවර ජනාධිපති මන්දිරයේදී ඉකුත් සතියේ පැවැති එජාප ක්‍රියාකාරීන්ගේ හමුවේදී ජනාධිපති රනිල් ප්‍රකාශ

කර තිබුණේ එජාප නායකයන් ගම්වලට ගොස් ජනාධිපතිවරණයට සූදානම් විය යුතු බවය. ප්‍රථමයෙන් පවත්වන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න තීරණය කිරීම රනිල් වික්‍රමසිංහට පැවරූ බව පොහොට්ටුවේ නායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබිණි. ඊට ප්‍රථම රනිල් – බැසිල් සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලද බව වාර්තා විය. කෙසේ වුවද මේ සතිය වන විටත් මැතිවරණය කුමක්ද යන ප්‍රශ්නය නූල කැඩුණු සරුංගලයක් සේ ඉබාගාතේ පාවෙමින් තිබේ.

දේශපාලන සන්ධාන අලකලංචිය එන්න එන්නම තීව්‍ර වෙමින් ඇත. එජාපය සහ ශ්‍රීලනිපය ආඳින්නට පෙර ශ්‍රීලනිපයට හුළං ගසා නැඟිටුවන්නට වෑයම් කරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා  විසිනි. චන්ද්‍රිකා හිටපු ජනාධිපති මෛත්‍රිට පන්න පන්නා පහර දෙමින් සිටී.

පහරදීම ග්‍රාම්‍ය ස්වරූපයක් ගෙන ඇති අතර දෙපාර්ශ්වයම එකිනෙකාගේ පැටිකිරිය එළියට අදින්නට පටන්ගෙන තිබේ. ශ්‍රීලනිපය පැහැදිලිව කණ්ඩායම් දෙකකට බෙදී ඇති අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ  මෛත්‍රි ඔහුට විරුද්ධව අධිකරණයේ පවතින නඩු සම්බන්ධයෙන් දැඩි තැති ගැන්මට ලක්වී සිටින බවය.

නඩුවලින් බේරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන තෝරාගෙන තිබෙන විකල්ප විස¾දුම වන්නේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ශ්‍රීලනිප  මෛත්‍රි පිලේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමය. මෛත්‍රි එම අදහස හක්කේ තබා ගෙන සිටියා මිස එකවර එළියට දැම්මේ නැත. නිදහස් පක්ෂයේ පිරිස ඉදිරියට විජයදාස රාජපක්ෂව ඉදිරිපත් කළ යුත්තේ කෙසේදැයි මෛත්‍රි හා විජයදාස රහසේ සාකච්ඡා කළේය. අවසානයේ ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරගන්නා ලදී. එම වැඩපිළිවෙළට අනුව ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව ඩාර්ලි පාරට කැඳවීම සඳහා දින නියම කර සභිකයන්ගේ මොරාල් එක නංවන කතාවක් පවත්වන්නට කියා විජයදාස කැඳවාගෙන ආවේය. මෛත්‍රි ගැසූ ගැටය දන්නේ මෛත්‍රිත් විජයදාසත් පමණි. ගඩොල් බාග සයිස් පොතක් සහ ලිපිගොනුවක් රැගෙන පැමිණි විජයදාස නයා නැට්ටෙන් සිටුවනවා සේ ශ්‍රී ලනිපය කෙළින් කරන කතාවක් කළේය.

මේ සිදුවීම ලියද්දී මිහායිල් ෂෝලහෝව්ගේ “පෙරළු නැවුම් පස”  නවකතාවේ එන ෂුකාර් සීයා මතක් වුණි.” ෂුකාර් සීයා මහලු ගොවියෙකි. ඔහුගේ අශ්වයාද ඔහු මෙන්ම වියපත්ය. කිසියම් හෝ මොහොතක අශ්ව ගාලේම  අශ්වයා මියෙන්නට ඉඩ තිබේ. ෂුකාර් සීයාගේ බිරිය නිතරම කිව්වේ  අශ්වයා නගරයට ගෙන ගොස් විකුණා ලැබෙන මුදලක් රැගෙන එන ලෙසය. ෂුකාර් සීයා බිරියගේ ඇවිටිල්ල නිසාම නොන්ඩි ගහන මහලු අශ්වයා නගරයට රැගෙන ගොස් වෙන්දේසි පොළට භාර දුන්නේය.

අශ්ව ගැනුම්කරුවන් රැස් වූ විට වෙන්දේසිකරුවා අශ්වයා විශේෂ වේදිකාවට නංවා අශ්වයාගේ පැටිකිරිය විස්තර කරන්නට විය.  අශ්වයා වැදගත් අශ්ව පරපුරකින් පැවත එන අජානේය වර්ගයේ අනර්ඝ තුරඟකු බව  වෙන්දේසිකරුවා විස්තර කරන්නට වූ විට  එය අසා සිටි ගොවියා අන්දුන් කුන්දුන් විය. ඔහුට අශ්වයා විකුණන්නට ලෝබ සිතුණි. ඔහු වෙන්දේසිය නවත්වා අශ්වයා ගෙදර ගෙන ගියේය. බිරිය ඔහුගේ මූණට කඩා පැන්නේ මොන එහෙකටද මේකා ආපහු ගෙදර ගෙනාවේ” කියාය. වෙන්දේසිකාරයා කියූ අශ්වයාගේ පෙළපත් කතාව බිරියට කීමෙන් පලක් නොවූයේ ඒ වනවිටත් අශ්වයා මරණාසන්නව සිටි බැවිනි.

මෛත්‍රිටත් වූයේ එවැනි අකරතැබ්බයකි.

වැඩ කිඩ සහිත ශ්‍රීලනිපයේ ඉතිහාසය විජයදාස දිගහැරිවිට පක්ෂයේ මොරාල් එක කෙසේ වෙතත් මෛත්‍රිගේ මොරාල් එක ඉහළ නැග්ගේය. එවැනි ඉතිහාසයක් ඇති ශ්‍රීලනිපයේ නායකයා වීම ගැන ඔහු කොතරම් අමන්දානන්දයට පත්වූයේදයත් ශ්‍රීලනිප ව්‍යවස්ථාවද ඔහුට අමතක විය. පක්ෂයේ වර්තමාන සභාපති ලෙස නැඟී සිටි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පිටුපා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම්වල එල්ලී සිටි සියල්ලන් පක්ෂයෙන් නෙරපා හැරියේය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාර කාර්යාලයට ඉබි යතුරු දමා කණ්ඩායම් දෙකම පේව්මන්ට් එකට වී සිටිති.

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි උපන්දින සමරු උත්සවයේදී  ශ්‍රීලනිප  කණ්ඩායම් දෙක දෙපිල බෙදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අපූරු පොර පොල් ගැසීමේ සන්දර්ශනයක් ඉදිරිපත් කළේය. නිමල් සිරිපාල සහ මෛත්‍රි තරගයේ වීරයන් වූ අයුරු ලංකාවම දුටුවේය. ශ්‍රීලනිප සැබෑ “ගමනක අවසානය” දැකිය හැක්කේ මෙවරය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මල්වතු නාහිමියන් බැහැ දැක ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයේ වැඩි පිරිසක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නැයි තමාට ඇරයුම් කරන බවය.

මේ අතර හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසන්නේ තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස යෝජනා කළ විජයදාස රාජපක්ෂ දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවය. එක් එක් අය දුන් ලණු කෑම නිසා තමාට පොහොට්ටුවේ සාමාජිකත්වයත් ක්‍රීඩා ඇමැතිකමත් දෙකම අහිමි වූ බවය.

ශ්‍රීලනිපයේ තත්ත්වය එසේ වන අතර බැසිල්ගේ නායකත්වයෙන් ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තත්ත්වය ඊට දෙවැනි නැත. ආණ්ඩුවේ ඇමැති ධුර, රාජ්‍ය ඇමැති තනතුරු දරන පොහොට්ටු  මන්ත්‍රිවරු  අර්බුදයෙන් රට ගොඩගත් වීරයා රනිල් යයි පවසති. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට එකම සුදුස්සා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔවුන්ගේ අදහසය. ඔවුන් දැනටමත් කැම්පේන් කරන්නේ රනිල්ටය. ඔවුන් අතරින් ප්‍රසන්න රණතුංග වැඩිපුර සද්ද දමා රනිල් වෙනුවෙන් පෙනී සිටී.

ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු යැයි හඬනඟන පොහොට්ටු කණ්ඩායම අතේ ඇඟිලි ගණනට අඩුවී ඇත. රෝහිත, ජෝන්ස්ටන්, හැරුණු විට මහින්දා-නන්දලාද, මේ  වන විට  සිටින්නේ වැට උඩය.  ඔවුන් වැඩි පිරිසකට අධිකරණයේ නඩු තිබේ. නඩු තිබෙන අයට රනිල් සරණං ගච්ඡාමි කියනවා හැර වෙනත් විකල්පයක් නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේත් ප්‍රසන්න රණතුංග කියන කතාවමය.

එනම් නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා තරග වදින්නට කාලය මෙය නොවන බවය. ඔහු සිටිය යුත්තේ මොන්ටිසෝරියේ බවය. නාමල් ජනාධිපති වුවහොත් පොහොට්ටුව සේදී යනු ඇතැයි රාජපක්ෂලාද සිතති.

ආණ්ඩු විරෝධී ප්‍රධාන බලවේගය තමන් යැයි පවසමින් අටවාගත් නිදහස ජනතා සන්ධානයේ ආයු කාලය මාස දෙක තුනකට සීමා විය. විපක්ෂයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපති තරගයටද ඉදිරිපත් කළ ඩලස් අලහප්පෙරුම අතරමඟ දමා නිදහස ජනතා සන්ධානයේ නාලක ගොඩහේවා ඇතුළු පිරිස පැදුරටත් නොකියාම සමගි ජන බලවේගය සමඟ එක්ව ගිවිසුමක් අස්සන් කළේය. දැන් එතැන ඉතිරිවී සිටින්නේ චරිත හේරත්, ඩලස් ඇතුළු කිහිපදෙනෙක් පමණි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ, ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත්  පක්ෂ කැටකැබිලිති ටිකක් අෑඳාගෙන ආණ්ඩු විරෝධී විශාලම සන්ධානය ගොඩනඟන බව කියයි.

ටී.එන්.ඒ. තමිල් අරසු කච්චි ඇතුළු උතුරේ දෙමළ පක්ෂ ප්‍රකාශ කරන්නේ ඔවුන් ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවය.

තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ධරන් එම අදහස ඉදිරිපත් කරන අතර එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මේ දක්වා එවැනි අදහසක් පළ කර නැත. විග්නේෂ්වරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ද මේ වන විට දරන්නේ දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු බවය.

උතුරේ දෙමළ පක්ෂ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර සමස්ත දෙමළ ජනතාවගේ ශක්තිය පෙන්වුවහොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ගැනීම සඳහා සාධනීය තත්ත්වයක් ඇතිකර ගත හැකි යැයි දෙමළ පක්ෂ කල්පනා කරන බව පෙනේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මේ දක්වා ඒ පිළිබඳ කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත.

උතුරු නැඟෙනහිර සහ මධ්‍යම ක¾දුකරයේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ඡන්ද ඉලක්ක කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ ප්‍රකාශ සිදු කරන නමුත් ඔහුට දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි වී තිබේ.

රනිල් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්  අවස්ථාවේ සියලුම දෙමළ පක්ෂ කැඳවා ජනවාර්ගික ප්‍රශ්නය වසරක් තුළ අවසන් කරන බව ප්‍රකාශ කළේය. නමුත් කිසිවක් සිදුවූයේ නැත. සත්‍ය සංහිඳියා කොමිසම පත් කිරීම, යුද සමයේ අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසඳීම වැනි දෙමළ ජනතාවගේ තීරණාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් කරන ප්‍රකාශ කෙරෙහි දෙමළ ජනතාව විශ්වාසය තබා නැත.

රනිල් උතුරේ සංචාරය කළ අවස්ථා දෙකේදීම දෙමළ පක්ෂ නායකයන් ඔහු හමුවීමට පැමිණියේ නැත.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස දැනට කරළියේ සිටින්නේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස පමණි. ජාජබට හැර අනෙකුත්  පක්ෂවලට මහ මැතිවරණය මෙන්ම මැයි දිනයද මහත් අලකලංචියක් වී තිබේ. මෙවර මැයි දිනයේදී කාට හේත්තුවී ජාම බේරා ගන්නවා දැයි මේ දිනවල පක්ෂ නායකයෝ සාකච්ඡා කරමින් සිටිති. මරදානේ අලවා තිබුණු එක්තරා පෝස්ටරයක සඳහන්

වූයේ. “මාතෘ භූමිය බේරා ගැනීම සඳහා” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැලියට එක්වන ලෙසය. මාතෘ භූමිය බේරා ගන්නේ මහින්ද රාජපක්ෂගෙන්ද රනිල්  වික්‍රමසිංහගෙන්ද යන්න එහි සඳහන් කර තිබුණේ නැත. මාතෘ භූමිය බේරා ගත යුත්තේ ආර්ථික ඝාතකයන්ගෙනි. ආර්ථික ඝාතකයන් කවරහු දැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතා නිවැරදිව පෙන්වාදී තිබේ. ඒ නිසා ගහ දන්නා අයට කොළ කඩා පෑ යුතු නැත.

උදේනි සමන් කුමාර

Previous Post

රට රස්සාවකට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් ලැබෙන වාසි මොනවා ද?

Next Post

අඩු පොලියේ වාසිය බැංකුවලට පමණද?

CMBNEWS

CMBNEWS

Next Post
අඩු පොලියේ වාසිය බැංකුවලට පමණද?

අඩු පොලියේ වාසිය බැංකුවලට පමණද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.