බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මෙම සතිය තුළ තවත් පදනම් අංක 22කින් 16.96%ක් දක්වා අඩුකර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සඳහන් කරන්නේ වාණිජ බැංකුවල AWPR පසුගිය සතියේ 17.18% ක අගයක් ගත් බවයි.
කෙසේ නමුත් වසරකට පෙර 23.78%ක තරම් ඉහළ අගයක් ලෙස සටහන් වුණා.
මේ අතර ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බවද ආර්ථික විශේෂඥයන් පවසනවා.