මෙතරම් ජනතාවට සත්‍ය කියා දී තිබියදී ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බවද පැවසූ ඔහු අනුර දිසානායක මහතාට කොහේදෝ දූපතක් ඇතැයිද ඔහු පැවසීය.
තම පක්ෂයට ගසන මඩ ආශිර්වාදයක් කරගෙන ඒවායෙන් ගෙයක් හදන බවද මන්ත්‍රීවරයා පැවසුවේ ජාතික ජනබලවේගයේ ආසන බලමන්ඩල හමුවක් අමතමිනි.