බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවුඩ ලැබුණ ද තම මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් බදු ගෙවීමට අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා (ජූලි 5) එලෙස පවසා සිටියේය.
ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීම එලෙස බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ළඟ ම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
මේ වනවිට පුද්ගලයන් ලක්ෂ 23ක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය ලබා ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතර ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් TIN අංකය ලබා ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.