Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

“නැවත රට තුළ ඉන්ධන පෝලිම්” රනිල් දැන් කියන කතාව!

CMBNEWS by CMBNEWS
August 7, 2023
in පුවත්
0
“නැවත රට තුළ ඉන්ධන පෝලිම්” රනිල් දැන් කියන කතාව!
0
SHARES
1.9k
VIEWS
Share on FacebookShare on Twitter

රටේ රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් බැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

යළිත් පැරණි දේශපාලනයේ නිරතව රට අරාජික කිරීමට තමන් ඉඩ නොදෙන බවත් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවද (04) දින පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“මේ වන විටත් රජය විසින් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. කෘෂිකර්මාන්තය තුළින් ඉතා තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. පොල් කර්මාන්තයත් ඒ සඳහා සූදානම් කළ යුතුයි. පොල් නිෂ්පාදන වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බැලිය යුතුයි.

අක්කර දෙකේ සිට අක්කර 20 දක්වා පොල් වගාවෙන් ලබාගන්නා අස්වැන්න වැඩි කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එසේම පොල් වගාව සම්පූර්ණයෙන්ම වෙළෙඳ ආර්ථිකයකට නතු කළ යුතුයි. මිල පාලනය තුළින් කිසිදිනක ව්‍යාපාර දියුණු වීමක් සිදු වන්නේ නෑ. නිෂ්පාදනය වැඩි කර පොල්වල අගය වැඩි කිරීමෙන් කර්මාන්තයක් ලෙස සාර්ථකත්වයක් ලබා ගත හැකියි.

එසේම පොල් කර්මාන්තයට ආයෝජන ගෙන ආ යුතුයි. සමස්ත පොල් නිෂ්පාදනයෙන් 55% ක් ලැබෙන්නේ පොල් ත්‍රිකෝණය මගින්. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා දෙවන පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පොල් වගාව වියළි ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කිරීම ඉතා හොඳ පියවරක්.

මේ රට බංකොළොත් වූ රටක්. නමුත් වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා මේ ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යාමට. ණය ප්‍රශස්තකරණ කටයුතු අප සිදු කරගෙන යනවා. පසුගිය දිනවල මෙරටට පැමිණි නායකයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණයෙන් පසු අපට ගෙවීමට තිබෙන ණය මුදල් නොගෙවා සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

එහිදී සිදු වන්නේ අපට එම ණය ගෙවීමට වැඩිදුර කාලයක් ලැබීම පමණයි. එපමණක් නොවෙයි, අපට අවශ්‍ය භාණ්ඩ ආනයනයට ද ණය මුදල් ගැනීමට සිදු වෙනවා. ඉතින් එම ණය මුදල් ගෙවන මාර්ගයක් ද තිබිය යුතුයි. දැන් තිබෙන සාම්ප්‍රදායික ආර්ථිකයෙන් එය සිදු කළ නොහැකියි. ඒ නිසා අප ඉතා තරඟකාරී අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි.

නමුත් ඊට පෙර අප ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කළයුතුයි. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපගේ ප්‍රධාන ණය හිමි රටවල් සමඟ ද අප ඒ පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම විවිධ පාර්ශව සමග සාකච්ඡා කළා. ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටිය මේ පිළිබඳ සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා එය පිළිගන්නා ලෙස. ඒ සඳහා රාජ්‍ය මුදල් කොමිටියෙන් සංශෝධනයකුත් ලබා දී සියලුදෙනාම පක්ෂ බේදයකින් තොරව වැඩ කටයුතු සිදු කළා.

ඒ පිළිබඳ රාජ්‍ය මුදල් කොමිටියට මම ස්තූතිවන්ත වෙනවා. අප බලාපොරොත්තු වුණා විපක්ෂය ද ඊට සහය ලබා දෙයි කියලා. ඒත් විපක්ෂයේ පක්ෂ අතර අභ්‍යන්තරව තිබු ප්‍රශ්නයක් නිසා ඔවුන් ඊට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඇතැමුන් විරුද්ධ වුණා, තවත් පිරිසක් ඡන්දය දීමට පැමිණියේ නැහැ. ඒ ගැන අප කණගාටු වෙනවා.

කෙසේ හෝ සියලුදෙනාගෙන් ලැබුණු සහයෝගය මම සිහිපත් කරනවා. අප දැන් එය සම්මත කර තිබෙනවා ඒ අනුව ණය ප්‍රශස්තකරණ කටයුතු මෙම සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා විපක්ෂයේ සහයෝගය නොලැබුණත් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු සහ පක්ෂ ගණනාවක් මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අපට සහාය වුණා. ඔවුන් ඊටවිරුද්ධව කටයතු කළේ නැහැ. අවාසනාවකට හැම කෙනෙකුගෙන්ම එම සහාය හිමි වන්නේ නැහැ.

ඇතැමුන් මෙය කඩාකප්පල් කිරීමට බලනවා. ඇතැමුන් පාරට බැස විශාල විරෝධතා ඇති කිරීමට උත්සාහ කළා. නමුත් ජනතාව එය පිළිගත්තේ නැති නිසා දැන් අධිකරණය වෙත ගොස් තහනම් නියෝග ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණුවලට අධිකරණය ද යොදා ගැනීමටයි. ඒ වගේම මෙම වැඩපිළිවෙළ නැවතුණොත් විදේශ රටවල් අප සමඟ ගනුදෙණු කරන්නේ නැහැ. නැවත රට තුළ ඉන්ධන පෝලිම් ඇති වෙනවා. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නැති වෙනවා.

රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. මෙම වැඩසටහන පාර්ලිමේන්තුවෙන් අනුමත කර අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු බලතල සියල්ල පාර්ලිමේන්තුව ඒ ආකාරයට ක්‍රියාත්මක කරනවා. අනිත් වැඩකටයුතු අධිකරණය මගින් කළ හැකියි. ඒ අනුව මෙම මූල්‍ය කටයුතු සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නිතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.

මේ ගෙන යන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබා ගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.

ඒ වගේම සියලුදෙනා එක් වෙලා මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. පැරණි දේශපාලනයෙන් මේ රට දියුණු කරන්න බැහැ. නැවත පැරණි දේශපාලනය ගෙනත් මේ රට නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. එම වැඩකටයුතුවලදී මම පාර්ලිමේන්තුව සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ණය ප්‍රශස්තකරණයේ දී අප වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. අප සියලුදෙනා එකතුවෙලා මෙම කටයුතු සාර්ථක කර ගනිමු.”

Previous Post

පිරමීඩ සහ ඔට්ටු කොම්පැනි LPL ආක්‍රමණය කරයි?

Next Post

කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා!

CMBNEWS

CMBNEWS

Next Post
කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා!

කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.