අතීතයේ අඳුරු සිදුවීම් සැබෑ ජාතික සංහිඳියාව බාධා කිරීමට ඉඩ නොදිය යුතුයැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් රචිත, පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවට පාඩම්, ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ආරාධිත දේශනයට එක්වෙමින්.
බහුතරයක් නියෝජනය කරන බව කියන කිහිප දෙනෙකුගේ න්‍යාය පත්‍රයට හසුවීමෙන් ජාතියක් ලෙස අප කටුක පාඩම් ඉගෙන ගෙන ඇතිමුත් ජාති වාර්ගික හා දේශපාලන භේදවලින් තොර පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගීම කෙරෙහි අප අවධානය යොමු කරන්නේ නම් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට යාමේ හැකියාව පවතින බවට තමන් විශ්වාස කරන්නේ යැයිද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ විශාල හානියක් සිදුකිරීමට හැකියාව ඇති පාලනයකින් තොර වු අන්තවාදී මතවාදයන් නිසා මෙවැනි ඛේදවාචකයන් ඇති වන බැවින් ප්‍රජාවන් අතර විශ්වාසය සහ සහජීවනය ගොඩනැගීමේ වැදගත්කමයි.
එමෙන්ම මෙම ඛේදවාචකයට ගොදුරු වූවන් අප අමතක නොකළ යුතු අතර, අතීතයේ අඳුරු සිදුවීම් සැබෑ ජාතික සංහිඳියාවට බාධා කිරීමට ඉඩ නොදිය යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේය.
– media unit