භාණ්ඩාගාරය හිස් කර රට කොල්ල කෑ රනිල් වික්‍රමසිංහලා සහ රාජප්කෂලා එකතු වී පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද විශ්‍රාම වැටුප් කොල්ල කෑමේ ණය ප්‍රතිව්‍යූහ ගත කරන ක්‍රියාවලියට කිසි සේත් ඉඩ නොදෙන බව අන්තර සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ “EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නතර කරනු!” යන උද්ඝෝෂණ රැලිය ආමතමිණි.
ජාතික ජන බලවේගය කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණියේ වැදගත් පණිවිඩයක් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට ලබාදීමේ අරමුණෙන් බවත් එම පණිවිඩය නිවැරදිව ආණ්ඩුවට ලබා දෙන ලසත් ඔහු පොලීසියෙන් ඉල්ලීමක් කළේය. මෙම උද්ගෝෂණ රැලිය වැලැක්වීම සඳහා අධිකරණ වාරණ නියෝග ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළද ජනතාව ගෙන යන අරගල එවැනි වාරණ නියෝගවලින් යටපත් කළ නොහැකි අතර මෙය ජයග්‍රහණය තෙක් ඉදිරියට ගෙන යන බව ඔහු අවධාරණය කරනු ලැබීය.