හිටපු ප්‍රථම මහත්මිය ෂිරන්ති රාජපක්ෂ, සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය කටයුතු පිළිබඳ විමර්ශනයක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නියෝගයක් ඉල්ලා මැලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පූර්ව ඇප ඉල්ලුමක් ඉදිරිපත් කර ඇත.
නීතිඥ ජයබාලන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විත්තිකරු ලෙස නම් කර ඇත.
පෙත්සමේ සඳහන් වන්නේ ඇය විදෙස්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත්, නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ඇතැයි බිය වන බවත්ය.
ඇය සැප්තැම්බර් 16 වැනි දා සිංගප්පූරුවට ගියාය. ගුවන් තොටුපළේදී පොලිසිය ඇයට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) හමුවට පැමිණෙන ලෙස දැනුම්දීමක් භාර දුන්නේය. ඇය පසුව ශ්‍රී ලංකාවට පැමිණි බව නිවුස්වයර් වාර්තා කර ඇත.
විමර්ශනය සම්බන්ධයෙන් FCID එක ඇයගෙන් ප්‍රකාශයක් ඉල්ලා ඇත.