Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

ගුජරාටයට ගහන්න කොළඹින් ගිය IS-KP කල්ලියේ සැඟවුණු කතාව!

CMBNEWS by CMBNEWS
July 2, 2024
in පුවත්
0
ගුජරාටයට ගහන්න කොළඹින් ගිය IS-KP කල්ලියේ සැඟවුණු කතාව!
0
SHARES
461
VIEWS
Share on FacebookShare on Twitter

දිනය මැයි 13 වන දා ය. ඉන්දියාවේ කාර්යබහුල ගුවන් තොටුපළක් වන අහමදාබාද්හි සර්දාර් වල්ලාභායි පටෙල් ගුවන් තොටුපළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ඊ මේල් පණිවුඩයක් අහමදාබාද් පොලිස් බලාධාරීන් වෙත ලැබී තිබිණි. මේ ඊ මේලයේ ඇත්ත නැත්ත සොයන අතරේදී නොඉවසිලිමත් ආරක්ෂක අංශ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කඩිනමින් කණ්ඩායම් යොදා එහි අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කිරීමටත් ගුවන් තොටුපළට යන එන මගීන් කවුරුන්දැයි පරීක්ෂා කිරීමටත් යුහුසුලු වූහ.

මේ අතරේ සයිබර් ආවේක්ෂණ අංශ මෙම විද්‍යුත් ලිපිය පරීක්ෂා කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ එය එවූ කෙනෙක් නැති ව්‍යාජ ලිපියක් බව ය. කෙසේ වුව ද මේ සිදුවීම සිදුව සතියක් පමණ ඉකුත් වෙද්දී සඳුදා අහමදාබාද් ගුවන් තොටුපළේ තවත් සිදුවීමක් සිදුවිය. ඒ සිදුවීම ලෝකය පුරා ද වයිරස ආකාරයෙන් මොහොතකින් පැතිරිණි. මෙම ආරංචිය වූයේ ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්. සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් සිවුදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සිවුදෙනා ශ්‍රී ලාංකිකයන් බවට අනාවරණය කර ගැනිණි.

අයි.එස්. සංවිධානයට “අබු” ලා සුලබ ය. කලක් මේ සංවිධානයට නායකත්වය දුන්නේ ද අබු අල් බග්දාදි ය. කෙසේ වෙතත් මේ සිවුදෙනා ද ප්‍රශ්න කළ විට ඔවුන් අබු නමැති නායකයෙකු සමග සබඳතා පවත්වන බව අනාවරණය කර ඇත.

ඔවුන් ගුජරාට් පොලිසියට පවසා ඇත්තේ පාකිස්තානයේ සිටින මෙම අබු නමැති පුද්ගලයා සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සම්බන්ධ වී ඇති බව ය. එහෙත් මෙතෙක් මේ අබු කාගේ කවු ද, ඉන්නේ කොහෙ ද යන වග පැහැදිලිව තහවුරු කරගත් බවක් විමර්ශන අංශ හෙළිකර නැත.

“ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අබු නමැත්තා ඔවුන් දිරිමත් කරල තියෙනවා. ඔවුන් කෙතරම් රැඩිකල්කරණයට ලක් වූවා ද යත්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට පවා එකඟ වෙලා. පාකිස්තානයේ පදිංචි අබු ඔවුන්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 4ක් ද ලබා දී තිබෙන බවත් හෙළිව තිබෙනවා.” මේ බව පුවත්පත් සාකච්ඡාවකදී හෙළි කළේ ගුජරාට් පොලිස් ප්‍රධානි විකාශ් සහේ ය.

ඔවුන් පවසන ආකාරයට ශ්‍රී ලංකාවෙන් ගිය බව කියන මෙම සැකකරුවන් වන්නේ මොහොමඩ් නුස්රත් (33), මොහොමඩ් ෆාරිස් (35), මොහොමඩ් නෆ්රාන් (27) සහ මොහොමඩ් රෂ්ඩ්න් (43) ය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට අනුව මෙම පුද්ගලයන් හතර දෙනා ම කොළඹ පදිංචිකරුවෝ වෙති. එයින් මොහොමඩ් නුස්රත් මීගමුව පෙරියමුල්ලේ පදිංචිකරුවෙකු වන අතර මොහොමඩ් නෆ්රාන් ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවෙකි. මොහොමඩ් ෆාරිස් මාලිගාවත්තේ වන අතර රෂ්ඩ්න් කොටහේනේ පදිංචිකරුවෙකි. මේ වනවිටත් ඔවුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින අතර පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අනාවරණය කරගෙ‍න තිබුණු ආකාරයට එයින් ග්‍රෑන්ඩ්පාස්හි වෙසෙන මොහොමඩ් නෆ්රාන් පොට්ට නවුෆර් නමැති මත් ජාවාරම්කරුගේ පුත්‍රයා බව ය.

පොට්ට නවුෆර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය හිමිව බන්ධනාගාරගතව සිටි අතර ඔහු 2021 වසරේදී කොවිඩ් රෝගය හේතුවෙන් හිර ගෙදරදී ම ජීවිතක්ෂයට පත්විය. රැඩිකල්කරණය වූ බව කියන ඔහුගේ පුත්‍රයාගේ වයස අවුරුදු 27කි. ඔහු විදේශවලින් ගෙන්වන චොක්ලට්, පාවහන් සහ නිමි ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යන බවට ද අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකරුවන්ගෙන් නුස්රත් නම් සැකකරු ජංගම දුරකතන සහ ඒ සම්බන්ධ උපාංග අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි. ෆාරිස් කම්කරුවෙකු වන අතර රෂ්ඩ්න් ත්‍රිරෝද රථ රියැදුරෙකු බව සඳහන් වෙයි. මොවුන්ගෙන් තිදෙනෙකු මුම්බායිහි චෙන්නායි වෙත කිහිප වරක්ම එහා මෙහා ගොස් ඇති බව ඔවුන්ගේ විදේශ ගමන් බලපත් පිරික්සීමේදී අනාවරණය වී තිබේ. එමෙන් ම මොහොමඩ් නුස්රත් නමැත්තා වරක් පාකිස්තානයට ද ගොස් ඇති බවට සාධක විදේශ ගමන් බලපත්‍රයේ සටහන්ව ඇත.

මේ හතරදෙනා පොලිසියට කොටු වන්නේ ඔවුන් සම්බන්ධයෙන් ලද පූර්ව තොරතුරක් මත කණ්ඩායම් කිහිපයක් එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් අනතුරුව ය.

ගුජරාට් පොලිසිය කළේ අත්අඩංගුවට ගත් සාමාජිකයන්ගේ ජංගම දුරකතන ඔවුන්ගේ භාරයට ගෙන එහි පවතින දත්ත, සමාජ මාධ්‍යවල යෙදුම්වල තොරතුරු සියුම්ව විමර්ශනය කිරීමය. එහිදී ඔවුන්ට විශේෂ ස්ථානයක් (ලෝකේෂන්) එකක් සොයා ගැනීමට, හඳුනා ගැනීමට ලැබිණ. ඒ, අහමදාබාද් කිට්ටුව පිහිටි ප්‍රදේශයක් වන නන්දිචෝලය. මේ ස්ථානීය දත්ත සමඟ අවි ආයුධ කිහිපයක ඡායාරූප ද හමුවිය.

පොලිස් නිලධාරීන් අදාළ දුරකතන දත්තවල පවතින ස්ථානය සොයා ගියේය. එහිදී පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල දෙකක් සහ පතරොම් සහ අයි.එස්. ධජයක් සොයා ගැනීමට හැකි විය.

පොලිස් භාරයට ගත් ජංගම දුරකතන විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ මගින් සැකකරුවන් ISIS සටන්කාමීන්ට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

ප්‍රශ්න කිරීම්වලදී, සැකකරුවන් ඉන්දියාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සැලසුම් කළ බවට පිළිගෙන ඇති අතර එයට සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ඇත. ඔවුන්ට නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත (UAPA) ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය (IPC) සහ ආයුධ පනත යටතේ නඩු පවරා ඇත.

ඔවුන් ISIS නායකයන් සමඟ ප්‍රෝටෝන මේල් සහ රහස්‍ය භාවය රැකෙන විද්‍යුත් තැපැල් ක්‍රම හරහා සන්නිවේදනය කරමින් සිටි බව බලධාරීහු පවසති.

මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර තමන් අයි.එස්.අයි.එස්. සමග එක් වන බවට ලබා දෙන “බායාහ්” ප්‍රතිඥාව ලබා දී ඇති බව දැක්වෙන වීඩියෝවක් විමර්ශන අංශවල නෙත ගැටී තිබේ. අරාබි භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් දෙන වීඩියෝවක් ද මේ වනවිට නිරීක්ෂණය කර ඇත. අබු බකර් බග්දාදිගේ මග යමින් මුස්ලිම් ප්‍රජාවට, යුදෙව්වන්ට සහ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට පාඩමක් ඉගැන්වීමට ක්‍රියා කරන බවට ඔවුන් ප්‍රතිඥා දුන් බවට සඳහනක් ඇත.

මෙම වීඩියෝව තිබුණේ මොහොමඩ් නුස්රත්ගේ ජංගම දුරකතනයේය. තරුණයන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු මුහුණු විවෘතව සිටි අතර දෙදෙනෙකු මුහුණු වසා එම වීඩියෝවට මුහුණ දී ඇත. අයි.එස්. එනම් ඉස්ලාමික් රාජ්‍යයේ විවිධ පළාත් නම් කර ඇති අතර ඒ ඒ පළාත් සංවිධාන ලෙස ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මෙම සිවුදෙනා රැඩිකල්කරණය වී ඇත්තේ කෝරාසාන් නම් පළාතට ය. එය (Islamic State Khorasan Province- ISKP) ලෙසින් හැඳින් වෙයි.

විෂ්ලේශක මහාචාර්ය රොහාන් ගුණරත්නට අනුව මෙම සාමාජිකයන්ගේ නායකත්වය ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ කේන්ද්‍රව ඇත. ඔවුන්ගේ සාමාජිකත්වය දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට පැතිර ඇති බව ද ඔහු සිලෝන් ටුඩේ (Ceylon Today) පුවත්පතට ලිපියක් සපයමින් පවසයි. ඔහු එයින් අනාවරණය කරන තවත් කරුණක් වන්නේ අයි.එස්.කේ.පී. අන්තවාදී කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරුණයන් සිය ගණනක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර මෙන් ම පසුව ද රැඩිකල්කරණයට ලක් කර ඇති බව ය. මෑතකදී රුසියාවේ මොස්කව් නුවරට එල්ල කළ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය පසුපස සිටින්නේ ද මෙම කණ්ඩායම බව සඳහන් වෙයි. එසේ ම ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, තුර්කියේ සහ ඉරානයේද ඔවුන් ත්‍රස්ත ක්‍රියාකාරකම් මෑතකාලීනව සිදු කර ඇත.

ශ්‍රී ලංකාවෙන් ගිය මෙම අයි.එස්. සාමාජිකයන් සිවුදෙනා විසින් ලිපි හුවමාරු කරගත් රහසිගත ප්‍රෝටෝන විද්‍යුත් (ඊ මේල් ගිණුම) මොවුන් විසින් සොයාගනු ලැබ ඇති අතර එහි තිබූ යම් භූමි ලක්ෂණ පෙන්වන ලකුණු සහිත ඇළ මාර්ගයක ඡායාරූපයක්, කොන්ක්‍රීට් ගල් අතර සැඟවූ රෝස පැහැති පාර්සලයක්, දුඹුරු පැහැති අලවන ටේප්වලින් ඔතන ලද තවත් රෝස පැහැති බෑගයක් සහිත පාර්සලයක්, පිස්තෝල තුනක් සහ උණ්ඩ පිරවූ මැගසින් තුනක් සහ වීඩියෝ පටයක් අන්තර්ගතව තිබේ.

දැන්ට විමර්ශනවලදී හෙළිව ඇති අබු නමැත්තා අබු පාකිස්තානි ලෙසින් අයි.එස්. කණ්ඩායම තුළ හ¾දුන්වන අතර ඔහු සමඟ මෙම කණ්ඩායම එක් වී ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය. අයි.එස්. සමාජිකත්වය සහ එම සංවිධානයට කැප වන බවට කරන බායාහ් ප්‍රතිඥාව ඔවුන් ලබාදී ඇත්තේ මෙම අබු පාකිස්තානි වෙතය. මොවුන් ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් වෙත එන්නේ එයින් පසුව ය. ගුජරාට් යනු ඉන්දීය අගමැති මෝදිගේ බලකොටුව ලෙසින් සැලකෙයි. ඔහු සිය දේශපාලනයේ ජාතික තලයට පා ලැබෙන්නේ ගුජරාට් මහ ඇමති වශයෙන් දැක්වූ දේශපාලන ශිල්ප නිසා ය.

මෙම කණ්ඩායම කොයි මොහොතක හෝ ගුජරාටයට එන බවට මුලින් ම තොරතුරු ලබන්නේ ගුජරාටයේ ප්‍රතිත්‍රස්ත බළකායේ නියෝජ්‍ය අධිකාරිවරයෙකු වන ශ්‍රිභාෂ් උපාද්‍යාය වෙත ය. ඔහුට ලද තොරතුර වී ඇත්තේ මැයි 18 හෝ 19 යන දින දෙක තුළ මෙම කණ්ඩායම ගුවනින් හෝ දුම්රියෙන් ගුජරාටයට පැමිණෙනු ඇති බව ය. තොරතුරු පරීක්ෂාවේදී මෙම හතර දෙනාටම එක ම මගී අංකයකින් ටිකට්පත් වෙන්කරවා ගත් බව අනාවරණය වී ඇති අතර ඔවුන් කොළඹ සිට චෙන්නායි හරහා අහමදාබාද් වෙත යන ගුවන් යානයකින් එන බවට තහවුරු කරගෙන ඇත.

මේ තහවුරු කරගැනීමත් සමඟ ආරක්ෂක අංශ සීරුවට තබා ඔවුන් හසුකර ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත. ඒ අනුව මෙම සිවුදෙනා ගුජරාට් ගුවන් තොටුපළට ඉන්ඩිගෝ ගුවන් යානයකින් ගොඩබාද්දීම අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකියාවක් ලැබිණි.

ඔවුන්ගේ ඊ මේල් ගිණුම් පරීක්ෂාවට භාෂා පරිවර්තකයකු අවශ්‍යව තිබිණි. හේතුව එහි බොහෝ දේ අරාබි භාෂාවෙන් සටහන්ව තිබීමය. කෙසේ වුව ද මෙම තොරතුරු ඔස්සේ සොයා ගත් සියලුම අවි ආයුධ පාකිස්තානයේ නිෂ්පාදිත බවට හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වූ බව ද ඉන්දීය තොරතුරු අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගෙන් තොරව දැනට රට තුළට රිංගා ඇති විදේශීය ආගමිකවාදයන් කේන්ද්‍ර කරගත් ඉස්ලාම් කණ්ඩායම් අතර ඇති සලාෆි වහාබි කණ්ඩායමට අයත් පල්ලි ඇසුරු කර ඇති මෙම තරුණයන් ඒ ආශ්‍රිතව රැඩිකල්කරණයට ලක්ව ඇති බව මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට මේ වනවිටත් මෙම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල තර්ජනයක් පවතින බවය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පත්කෙරුණු විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත මෙරට ක්‍රියාත්මක වූ අන්තවාදී යැයි හඳුන්වා ගත් සංවිධාන තහනම් කිරීමට පියවර ගත්ත ද පසුව එයින් සංවිධාන 11ක 2023 වසරේ ජූලි මාසයේදී යළිත් තහනම ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. කෙසේ වුව ද මහාචාර්ය රොහාන් ගුණරත්න පෙන්වා දෙන්නේ රටේ අන්තවාදී රැඩිකල්කරණය තවත් ක්‍රියාත්මක වන බව ය. ඒ කණ්ඩායම් හඳුනා ගැනීම හුදෙක් පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයට හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ බුද්ධි අංශවලට තනිව ම කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි. මේ සඳහා මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු ප්‍රජාවගේ සහය අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

රැඩිකල්කරණයට ලක් වෙමින් පවතින තරුණයන් පහසුවෙන් හඳුනාගත හැක්කේ ඔවුන් ඇසුරු කරන ප්‍රජාවට ය. මෙම ප්‍රජාව තුළින් හඳුනා ගන්නා ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ මූලික වගකීම පැවැරෙන්නේද ආගමික නායකයන්ටය.

එහිදී ඔහු තවත් කරුණක් පෙන්වා දෙයි. එනම් පාස්කු ප්‍රහාරය සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගෙන තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තවාදී සැකකරුවන් මෙතෙක් නිසි පුනරුත්ථාපන ක්‍රියාවලියකට ලක්ව නොමැති බව ය. ඔවුන් යළි සමාජගත වුවහොත් යම් වීරත්වයක් සහිතව තවත් අනුගාමිකයන් සම්බන්ධ කර ගැනීමේ අවදානමක් ඔහු පෙන්වා දෙයි. අනෙක් කරුණ වන්නේ ගුජරාටයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සියලු දෙනා බස්නාහිර පදිංචිකරුවන් වීමය. එයින් මීගමුව පෙරියමුල්ලේ පදිංචි එක් පුද්ගලයකු හැරෙන්නට ඉතිරි තිදෙනාම මහ කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන්ය. ඔවුන් සමග රැඩිකල්කරණයට ලක් වූ තවත් කී දෙනෙකු නම් කොළඹ තුළ සිටිය හැකිද යන්න දන්නේ ඔවුන් ය. එසේ නැති නම් ඔවුන් ඇසුරු කරන ප්‍රජාව ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ විමර්ශනයක් සිදු කිරීමට මෙන්ම අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට කමිටුවක් පත් කර ඇත. මෙම කමිටුව සහ විමර්ශන අංශ යථාවත් වන්නේ ඔවුන්ට අදාළ ක්‍රියාවලීන් පිළිබඳව යටිබිම්ගත කරුණු තොරතුරු නිසි ලෙස ගලා ගියහොත් පමණකි. ඒ වගකීම රටේ වැදගත් මුස්ලිම් ප්‍රජා නායකයන්ට මෙන් ම මේ තරුණයන්ගේ ඇසුර ලබන ප්‍රජාවට මූලිකව පැවරෙන්නකි.

  • විදූෂ වෙදගෙදර / www.mawbima.lk
Previous Post

ලෝක කුසලානයට වඩා විශාල කුසලානයක් වනිදු ගෙනෙයි!

Next Post

කපුවෝ ගහගෙන රෝහලේ…

CMBNEWS

CMBNEWS

Next Post
කපුවෝ ගහගෙන රෝහලේ…

කපුවෝ ගහගෙන රෝහලේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.