Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

76000 පිලිකා බෙහෙත 370ට දුන්නාද? තවත් අතේ රෝලක් පත්තු වෙයි!

CMBNEWS by CMBNEWS
January 23, 2025
in පුවත්
0
76000 පිලිකා බෙහෙත 370ට දුන්නාද? තවත් අතේ රෝලක් පත්තු වෙයි!
0
SHARES
168
VIEWS
Share on FacebookShare on Twitter

රු.76,000ක් වැනි විශාල මුදලකට පිළිකා රෝගීන්ට ලබාදුන් එන්නතක් මිල රු 370කට ලබාදෙන බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණා. ඒ අනුව සමාජ මාධ්‍ය කලඹමින් හුවමාරුවන මෙම පුවතේ ඇත්ත සොයා අපි කරුණු විමර්ශණයක් සිදුකළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රු.70,000 ක මිලකට ලබාදුන් පිළිකා එන්නතක් රු 370ක මිලකට ලබාදීමේ තීරණය වෙනුවෙන් ජනාධිපති අනුරට සුබ පතමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

 

Archive

තවත් මෙවැනි බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණවී තිබුණේ මේ අයුරින්.

 

මෙම සමාජ මාධ්‍ය සටහන්වල සංසරණය වන ලෙස රු. 76,000ක පිළිකා එන්නතක් රු.370කට ලබාදීම පිළිබඳව  පළවන තොරතුරු සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පිළිකා එන්නතක මිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන් සඳහා පාදක වී තිබුණේ ලංකාදීප වෙබ් අඩවියේ පළ කර තිබූ පුවතක් බව මෙම සමාජ මාධ්‍ය සටහන්වලට දක්වා ඇති අදහස් ඔස්සේ අපට පැහැදිලි වුණා.

“76,000ක පිළිකා පෙත්ත අපි 370වට දුන්නා” යන සිරස්තලය ඔස්සේ ලංකාදීප වෙබ් අඩවිය මෙම පුවත පළ කර තිබූ අතර සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙම පුවත වාර්තා කර තිබුණා.

එක් එන්නතක මිල රු.76,000ක් වන අතර රෝගීන්ට මෙම ඖෂධය ගැනීම සඳහ සිය නිවෙස් පවා විකිණීමට සිදු වූ බවත්, නව ආණ්ඩුව යටතේ මෙම ඖෂධය ගෙන්වීමට සමාගම් තුනකට ලබාදීමත් සමඟ මෙම එන්නත ගෙන් වූ සමාගමම දැන් එම ඖෂධය රු.370කට ලබාදෙන බවත් හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවට මෙම පුවතේ සඳහන්වනවා. අමාත්‍යවරයා උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පසුගිය 17 වනදා මේ බව ප්‍රකාශ කළ බවටයි වාර්තා කර ඇත්තේ.

අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් යම් වීඩියෝවක් පවතී ද යන්න අප සොයා බැලූ නමුත් කිසිඳු වීඩියෝවක් හමු නොවී ය. එමෙන් ම වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මෙම පුවත වාර්තා කර තිබුණේ නෑ.

නමුත් හංසක විජයමුණි මහතා ඖෂධ මිල සම්බන්ධයෙන් 2025 ජනවාරි 15 දින සිදුකරපු කතාවක පවසන්නේ මෙතෙක් එක සමාගමක් හරහා ඖෂධ ආනයනය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආයතන කීපයකට අවස්ථාව ලබාදුන් බවයි. මේ හේතුවෙන් ඖෂධවල මිල 200%කින් අඩු වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා. එහිදී 70,000ට තිබූ ඖෂධ 370ට අඩු වී තිබෙන බව ඔහු එහිදී පවසනවා. නමුත් ඒ කුමන ඖෂධයේ ද යන්න හෝ කුමන රෝගය සඳහා දෙන ඖෂධවල ද යන්න පිළිබඳව ඔහු සඳහන් නොකරයි.

 

විශේෂයෙන් ම ලංකාදීප පුවතේ සඳහන් කර ඇති එන්නතේ නම කුමක් ද යන්න පිළිබඳව ද සඳහන් වී නොමැත.

එබැවින් සමාජ මාධ්‍ය තුළ මෙම පුවතේ පවසන එන්නත papaverine නම් එන්නතක් බවට සඳහන් කරමින් එම ඖෂධය පිළිබඳව ද විශාල කතිකාවතක් ඇති වී තිබුණා. එනම් එම එන්නත පිළිකා සඳහා ලබාදෙන එන්නතක් නොවන බව සඳහන් කරමින්.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි

සමාජ මාධ්‍ය තුළ එන්නතක මිල රු.76,000සිට රු.370 දක්වා අඩුවීම සම්බන්ධ තොරතුරු හුවමාරුවීමත් සමඟ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි ඒ පිළිබඳව මාධ්‍ය වෙත අද (20) අදහස් දක්වා තිබුණා.

ඔහු පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ මිල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි. විශේෂයෙන් ගුණාත්මක ඖෂධ නියමිත වෙලාවට, සාධාරණ මිලකට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙන බව ඔහු පවසනවා.

වැඩිදුරටත් තොරතුරු සඳහන් කරමින් අමාත්‍යවරයා පවසන්නේ හෘද සැත්කම් සඳහා භාවිත කරන ඖෂධයක් වන Papaverine Hydrochloride ඖෂධයට 2018 දී ඖෂධ නියාමන අධිකාරිය උපරිම සිල්ලර මිල රු.76,500කට මිලදීගෙන තිබෙන බවයි. එමෙන් ම 2019 දී එය රු.34,000ක්, 2020 දී 35,000ක්, 2021 දී රු.41,000ක්, 2022 දී රු. 72,500ක් සහ 2023 දී 50,776ක් ලෙස මෙම එන්නත මිලදී ගැනීම සිදුකර තිබෙනවා.

නමුත් ඖෂධ මිල අඩු කිරීම සඳහා පසුගිය සතියේ ගත් උත්සහයන්හිදී මෙම එන්නත රු.370කට ලබාගැනීමට අදාළ සමාගම්වල එඟතාවය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට හැකි වී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

හංසක විජයමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ බවට වාර්තා කර තිබූ ඖෂධයක මිල ගණන් සම්බන්ධ පුවත පිළිබඳව අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී වෛද්‍යතුමා මෙම සිදුවීමේ පසුබිම පැහැදිලි කරමින් සඳහන් කළේ, 2016 වසරේදී වැඩිපුර භාවිතාවන ඖෂධ 60ක උපරිම සිල්ලර මිලක් නියමකරනු ලැබූ බවයි. අනතුරුව වෙන වෙනම ඖෂධවලට මිල නියාමනයක් සිදුව නොමැති බවත්, ඇතැම් අවස්ථාවල ඖෂධ ගෙන්වන පිරිස් ඖෂධයක මිල මේ යැයි පැවසූ විට එම මිල ඖෂධවල මිල සහතිකයේ සඳහන් කර තිබෙන බවත් වෛද්‍ය ආනන්ද පවසනවා.

නමුත් මෑතකාලීනව මෙම ක්‍රියාපටිපාටිය සංකීර්ණ අයුරකින් පරීක්ෂා කර මෙම ඖෂධ ගෙන්වන මිල ගණන් ඇත්ත ද යන්න පිළිබඳව සොයා බලා ඒ මිල පිළිබඳව සහතිකයේ සඳහන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නමුත් ඉන් පසු ඖෂධ ආනයනකරුවන් ඒ පිළිබඳව නඩුවක් ගොනු කිරීම නිසා මෙම ක්‍රියාපටිපාටිය දැනට නැවතී ඇති බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරුවන ඖෂධය පැපවරීන් (papaverine) නම් ඖෂධය බවයි වෛද්‍ය ආනන්ද පවසන්නේ. මෙම එන්නත ඇතැම් හෘද රෝග සැත්කම්වලදී භාවිතා කරන බව ඔහු පෙන්වාදෙනවා. මෙම එන්නත පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නතක් නොවන බවයි වෛද්‍යවරයා පවසන්නේ. 

මෙම එන්නතට ඖෂධ ගෙන්වන පිරිස් 2018දී රු.70,000ක මිලක් ලබාදී තිබෙනවා. එය ඖෂධ මිල සහතිකයේ ද සඳහන් කර තිබෙනවා. නමුත් එය පෙර සඳහන් ක්‍රියාපටිපාටිය අනුව පරීක්ෂා කිරීමකින් තොරව සිදු වූවක්. අනතුරුව 70,000ක මිලකට නොව යම් කිසි වැඩි මිලකට අදළ ඖෂධ සමාගම මෙම එන්නත රජයට සැපයීම ද සිදුකර තිබෙනවා.

ඉන්පසු මෙවර ටෙන්ඩරයට ඖෂධ ගෙන්වීමට යාමේදී පෙර සඳහන් කළ වැඩි මිල ම මෙම එන්නතට සැපයූ විට ඖෂධ මිලදී ගැනීමේ කමිටු සාමාජිකයෙක් වැඩි මිල යටතේ මෙම ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් සැකයක් මතුකර තිබෙනවා. එනම් මෙම එන්නත එවැනි වැඩි මිලක් නොවිය හැකි බැවින් එය පරීක්ශා කරන ලෙස අදාළ කමිටු සාමාජිකයා පවසා තිබෙනවා.

අනතුරුව මෙම ඖෂධ ගෙන්වන සමාගමට සිය ආයතනයේ ලියාපදිංචිය ද අලුත් කිරීමට ද තිබූ නිසාවෙන් අලුතෙන් මිල ගණන් කැඳවූ විට එම සමාගම මෙම එන්නත රු.300 ගණනකට ලබාදිය හැකි බව පවසා තිබෙනවා. එනම් රජයෙන් මේ පිළිබඳව සොයා බලන නිසාත්, අදාළ රටවල එම එන්නතේ මිල ගණන් දන්නා නිසාත් අදාළ ඖෂධ ගෙන්වන සමාගම මෙම මිල අඩුකිරීම සිදුකර තිබෙනවා.

මේ අයුරින් අනෙක් ඖෂධවල ද මිල, පවතින අතුරු තහනම් නියෝගය ඉවත් කළහොත් අඩු කළ හැකි බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  පවසනවා.

ලංකාදීප පුවතේ සඳහන්වන ලෙස නිවෙස් විකුණා මෙම එන්නත රෝගීන්ට මිලදී ගැනීමට සිදුවූ බව අසත්‍යක් බවත්, වැඩි මිලට මෙම එන්නත සපයා ඇත්තේ රජයට බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ ද අද (20) දෙරණ Big Focus වැඩසටහනේදී ලංකාදීප පුවත්පතේ සඳහන් පුවත සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පවසන්නේ, papaverine ඖෂධය පිළිකා එන්නතක් නොවන බවයි. එනම් මෙය මාධ්‍ය වැරදි ලෙස ප්‍රචාරය කර තිබූ බව එම මහතා පවසනවා. මෙම ඖෂධය විශේෂයෙන් හෘද රෝග සැත්කම්වලදී භාවිතාකරන බවයි ඔහු පවසන්නේ.

මෙම එන්නතේ මිල අඩුවීම යම් අසාමාන්‍ය මිල අඩුවීමක් වන නමුත් එය අසත්‍යයක් නොවන බව වෛද්‍ය සවීන් සේමගේ පවසනවා.

නමුත් 2025 වසර සඳහා මෙම එන්නත මිලදී ගැනීමක් සිදු නොවූ බවත්  ඔහු පවසනවා.

Papaverine Hydrochloride එන්නත සම්බන්ධයෙන් ඇති වූ අක්‍රමිකතා පිළිබඳව මීට පෙර ද වාර්තා වී තිබූ අතර අප ඒ පිළිබඳව ද විමසීමක් සිදුකරනු ලැබුවා.

Papaverine Hydrochloride එන්නත සම්බන්ධයෙන් මීට පෙර වසරවලදී සිදු වූ අක්‍රමිකතා

මූලික වශයෙන් හෘද ප්‍රතිකාර සඳහා ලබාදෙන Papaverine එන්නත  2021 දී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් එන්නත් ඒකක 1,560 ක් ඒකකයක මිල රු. 40,868.98 ක් වන ලෙස මිලදී ගෙන තිබෙන අතර ඒ සඳහා රු. මිලියන 68.59 ක් වැය වී තිබෙනවා. නමුත් මෙම එන්නත රු. 255.07 කට මිලදී ගැනීමට තිබී ඇත.

එමෙන් ම ටෙන්ඩර් කැඳවීමකින් තොර ප්‍රසම්පාදන කමිටුව නව මිල ගණන් කැඳවීමකින් තොරව නැවත මෙම එන්නත මිලදී ගැනීම අනුමත කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊටත් වඩා විශාල ඇණවුමක්, එනම් ඒකක 3,125 ක් ය රු. මිලියන 127.72 කට මිලදීගෙන තිබෙනවා.

මිලියන 50ට වැඩි ටෙන්ඩර් සඳහා ඖෂධ මිලදී ගැනීමේ කමිටුවේ සාමාජිකයින් 5ක් සිටීම අවශ්‍ය වුවත් සාමාජිකයින් තිදෙනෙක්ගේ අනුමැතිය අනුව මෙම ඖෂධ මිලදීගෙන තිබෙනවා. එනම් මෙම එන්නත මිලදී ගැනීමේදී විශාල වංචාවක් අක්රමිකතාවක් වෙලා තියෙනවා.

එපමනක් නොව, ණයවර ලිපි (LCs) විවෘත කිරීමට පෙර ඇණවුම දැනට පවතින කොටස් මට්ටම් සලකා බැලිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පැහැදිලිවම උපදෙස් දී තිබී ඇත. මෙම උපදෙස් නොසලකා හැර ඇති අතර, ඖෂධ සඳහා වාර්ෂික ඉල්ලුමට අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් 40% කට පමණක් LC විවෘත කිරීම වෙනුවට ඒකක 1,563 ක් සඳහා LC විවෘත කර ඇත. 2022 අගෝස්තු වන විට, ඒකක 1,421ක් භාවිතයට නොගත් අතර, බොහෝ ඒවා 2023 පෙබරවාරි වන විට කල් ඉකුත් වීමට නියමිතව ද තිබී ඇත.

කෙසේ වෙතත් ඖෂධ නියාමන් අධිකාරියේ ලියාපදිංචි එක් සැපයුම්කරුවෙක් පමණක් සිටීම නිසා අත්‍යවශ්‍ය Papaverine එන්නත මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සිදුව තිබෙනවා.

ඒ අනුව මේ ඖෂධ සැපයුම්කරු එක් අයෙක් වීම නිසාත්, ටෙන්ඩර් අලුතෙන් නොකැඳවීමත් නිසා රටට හැම කාලයකදීම මිලියන ගානක පාඩු වී ඇති බව පෙනී යනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

2022 වසරේදී Papaverine HCI 20mg ඒකකයක ඇස්තමේන්තු මිල රු. 39,942.49 ක් ලෙස  වෛද්‍ය සැපයුම් අංශයේ වාර්තාවල සඳන්ව ඇති අතර එම එන්නතේ ම 60mg ප්‍රමාණයේ ඒකකයක් රු. 41,804.68ක් ලෙස සඳහන්ව තිබෙනවා.

 

වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියේ 2023 වසරේ ඖෂධවල ඇස්තමේන්තු මිල ප්‍රමාණ සම්බන්ධයෙන් වාර්තාවක් නොතිබූ අතර 2024 වසරේ ඖෂධ සඳහා ඇස්තමේන්තු මිල වාර්තාව සඳහන් විය. එහි මෙම එන්නතේ මිල සඳහන් වුණේ රු. 81327,44ක මිලකටයි.

 

ඒ අනුව Papaverine එන්නත සම්බන්ධයෙන් අක්‍රමිකතා ඇතිව ඇති අතර එය ඉහළ මිලකට රජයට ලබාදෙන බව ද පෙනී යනවා.

Papaverine එන්නතේ වෙළඳපොළ මිල

කෙසේ වෙතත් අප වෙනත් රටවල Papaverine එන්නතේ මිල ගණන් සම්බන්ධයෙන් විමසා බැලූ අතර ඉන්දියාවේ එක් වෙබ් අඩවියකPapaverine 30mg/ml එනම් 2ml එන්නත් එක ඒකයක් වන්නේ ඉන්දියානු රුපියල් 35කි. එය ශ්‍රී ලංකාවේ රුපියල්වලට හරවා බැලූවිට එහි මිල වන්නේ, රු. 120.31 කි.

කැනඩාවේ Papaverine 2ml ඒකකයක් අමෙරිකානු ඩොලර් 12.80 කි. ඒ අනුව ලංකා රුපියල් වලින් එම මිල රු. 3,797.31කි.

අමෙරිකාවේ Papaverine 2ml ඒකකයක් අමෙරිකානු ඩොලර් 19.60 ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලෙන් රු. 5,814.63 කි.

ඒ අනුව ඉන්දියාවේ මෙම එන්නතේ මිල අඩු වන අතර අනෙක් රටවල තරමක් ඉහළ මිලක් පවතින බව පෙනී යනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, පෙර පැවති රජයන්වලදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකම සැපයුම්කරුවෙක් හරහා මීට පෙර වසරවලදී Papaverine Hydrochloride එන්නත ගෙන්වීම නිසා එම සැපයුම්කරු වැඩි මිලකට මෙම එන්නත රජයට ලබාදී ඇති බවයි. මෙම තත්වය තුළ විවිධ අක්‍රමිකතා පෙර වසරවලදී සිදුව තිබෙනවා.

නමුත් ඖෂධ නියාමන අධිකාරිය මෙම තත්වය පරීක්ෂා කර බැලීමේදී මෙම එන්නත පෙරදී එන්නතේ සැපයුම්කරු ලබාදුන් මිලට වඩා අඩු මිලකට රජයට ලබාගැනීමේ හැකියාව පවතින බව අනාවරණය වී ඇත.

කෙසේවෙතත් ලංකාදීප පුවත්පතේ සඳහන්වන ලෙස Papaverine Hydrochloride එන්නත පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් නොවන අතර එය හෘද රෝග ආශ්‍රිත සැත්කම්වලදී භාවිතා කරන එන්නතක් බව පැහැදිලි වනවා. එමෙන් ම Papaverine Hydrochloride එන්නත සාමාන්‍ය ජනතාව මුදල් ගෙවා වැඩි මිලකට මිලදී ගැනීමක් සිදුව නොමැති අතර සැපයුම්කරු රජයට වැඩි මිලකට අලෙවි කර තිබෙනවා.

AvatarTitle:රු.76,000 පිළිකා එන්නත රු. 370 දක්වා පහත දැමීමේ කතාවේ ඇත්ත !

Fact Check By: Piumika LakshaniResult: Misleading

උපුටා ගැනීම : https://srilanka.factcrescendo.com/2025/01/21/clarification-on-cancer-vaccine-news-price-reduced-from-rs-76000-to-rs-370/

Previous Post

“සියලු දේ ආපසු ගත්තත් මහින්ද රාජපක්ෂ කෙඳිරිගාන්නේ නෑ”

Next Post

අදානිගේ සුලං බලාගාර අහෝසි කරන්නේ නෑ!

CMBNEWS

CMBNEWS

Next Post
අදානිගේ සුලං බලාගාර අහෝසි කරන්නේ නෑ!

අදානිගේ සුලං බලාගාර අහෝසි කරන්නේ නෑ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.